රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ..
විද්‍යාඥයින් පවසන පරිදි මෙම භූකම්පනය සිදුව ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් තරම් ගැඹුරු මුහුදු පතුලේයි. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රබලත්වයකින් යුත් කම්පනයක් ජනාවාස ප්‍රදේශයක සිදුවුවහොත් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණත්, මෙවර වාසනාවකට මෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නැහැ.
මෙම ප්‍රබල භූකම්පනයත් සමඟ බොහෝ දෙනා අවධානය යොමු කළේ සුනාමි අනතුරක් පිළිබඳවයි. නමුත් දැනට ලැබෙන තොරතුරු අනුව එවැනි සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.