වායුගෝලයේ ඇති වී තිබෙන වෙනස් වීමක් නිසා හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට නියමිතයි.
පස්වරු 1.00 න් පසු බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මි.මී. 50 තද වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා.
උදේ කාලයේ මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බැවින් රියදුරන් අවධානයෙන් සිටීම වැදගත්.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින්, අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.