ඇය තමන්ගේ ප්‍රේක්ෂකයින්ට නිතරම සමීපව ඉන්න, සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් දකින්න ලැබෙන ආදරණීය රූපයක්.
නිරන්තරයෙන්ම සිය රසික රසිකාවියන් සමඟ සමීපව කටයුතු කරන මාෂි, තමන්ගේ ජීවිතයේ සොඳුරුතම මතකයන් සහ විශේෂ අවස්ථාවන් මුහුණු පොත හරහා බෙදාහදා ගන්න කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් පසුගියදා මාෂි ඇගේ මුහුණු පොත හරහා අතිශය මන බඳින ඡායාරූප පෙළක් රසිකයින් වෙනුවෙන් බෙදාහදාගෙන තිබුණා. මෙවර ඇය හැඩවී සිටින්නේ ඉතාමත් ලස්සන, ලා පැහැති මල් ගවුමකින්. රන්වන් හිරු බැසයන සන්ධ්‍යා යාමයක, මුහුදු වෙරළේ තිබූ නිල් පැහැති බෝට්ටුවක් ළඟ ඇය ලබාගත් මේ ඡායාරූප ඇත්තටම හරිම චමත්කාරජනකයි.
ඉතින්, මාෂිට ආදරය කරන රසික ඔබත් බලන්නකෝ මල් ගවුමකින් හැඩවුණු ඇගේ ඒ සුන්දර පින්තූර එකතුව කොහොමද කියලා.
