මෙවර මෙම දැවැන්ත මංගල්‍යය සඳහා තෝරාගෙන ඇත්තේ බොල්ගොඩ වයිට් ලෝටස් (White Lotus) පරිශ්‍රයයි. ප්‍රවීණ වගේම ක්ෂේත්‍රයේ ජනප්‍රියතම කලා තරු 200කට අධික පිරිසක් එකම වහලක් යටදී දැකබලා ගැනීමේ අවස්ථාව මෙවර ප්‍රේක්ෂකයින්ට හිමිවීම විශේෂත්වයක්.
හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ ද සිල්වා මහතාගේ සුවිශේෂී සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා මෙවරත් පැරණි සංස්කෘතික වටිනාකම් නූතන පරපුර වෙත රැගෙන යාමට මුල් තැනක් දී තිබෙනවා. හුදෙක් විනෝදය පමණක් නොව, අවුරුදු චාරිත්‍ර නිවැරදිව ඉටු කරන ආකාරය සජීවීව ප්‍රේක්ෂකයා වෙත සමීප කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
හෙට දවසේ ඔබේ ආලින්දයට ගෙන එන මේ විචිත්‍රවත් අත්දැකීම උපරිමයෙන්ම ලබා දීමට තරු පිරිවර අද (13) පෙරවරුවේ සිටම දැඩි කැපවීමෙන් පෙර පුහුණුවීම් කටයුතුවල නිරත වුණා. සජීවීව විකාශය වන මෙම වැඩසටහන තුළ අවුරුදු ක්‍රීඩා, නැකැත් චාරිත්‍ර සහ තරු අතර ඇතිවන සුහද තරඟකාරීත්වය මෙවරත් ප්‍රේක්ෂකයින් ආලින්දයටම බැඳ තබා ගන්නා බව නම් නොඅනුමානයි.