ඇගේ රංගන කුසලතාව වගේම, ඇගේ නිසග සුන්දරත්වයත් රසිකයන්ගේ නොමඳ ආදරයට හේතු වෙලා තිබෙනවා.
තාරුකාගේ සුන්දරත්වයට අමුතුම දීප්තියක් එකතු කරන්නේ ඇගේ ආකර්ෂණීය දෑස සහ එම සුන්දරත්වය තවත් තීව්‍ර කරන ඇගේ කැරළි කොණ්ඩයයි. බොහෝ දෙනෙක් පවසන්නේ ඇගේ දෑසින්ම කතා කරන බවයි. ඇත්තටම එය තාරුකාටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයක්.
රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි, තාරුකා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්.
තාරුකා හැම වෙලාවකම තමන්ට ගැලපෙන, හරිම ලස්සන සහ චමත්කාරජනක විලාසිතා කරනවා. තාරුකා මෑතකදී ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබූ අතිශය ලස්සන ඡායාරූප එකතුවක් මෙන්න.
