බෝලාන මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සෙනෙත් අවිශ්ක පුතා අද තමන්ගේ පාසල් නිවාඩුව ලැබුණු සතුටේ තමයි ගෙදර එන්න ඇත්තේ.
යතුරුපැදියක තමන්ගේ හොඳම යාළුවා එක්ක ගමන් කරද්දී, අනපේක්ෂිත විදියට යතුරුපැදිය පාරේ පෙරළිලා තියෙනවා. දෛවයේ සරදමකට වගේ ඒ වෙලාවෙම එතනින් ආපු ටිපර් රථයකට සෙනෙත් පුතාව යටවෙන්නේ අවට හිටපු මිනිස්සුන්ගේ කෑගැසීම් මැදයි.
තවමත් ජීවිතය දකින්න පෙරුම් පුරපු 16 හැවිරිදි සෙනෙත් අවිශ්ක, අනතුර සිදුවූ ස්ථානයේදීම අවසන් හුස්ම හෙළලා තියෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබූ සෙනෙත්ගේ මිතුරා මේ වන විට හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ මුළු රටේම ප්‍රාර්ථනාවන් මැදයි.
මේ වන විට අනතුරට සම්බන්ධ ටිපර් රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙනෙත් කියන්නේ තමන්ගේ ගෙදරටත්, පාසලටත් හිටපු ලොකු සම්පතක්. ඒත් අද ඒ හිනාව සදහටම පින්තූරයකට විතරක් සීමා වෙලා.