හැමදාම "පරක්කුයි පරක්කුයි" කියන මහපොළ වාරිකය මෙවර අවුරුදු නිවාඩුවටත් කලින්ම සිසුන්ගේ අතට පත් කරන්න බලධාරීන් කටයුතු කරලා තියෙනවා.
මාර්තු මාසයට අදාළ රුපියල් 10,000 ක මහපොළ වාරිකය අද (10) දිනයේම සියලුම සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර අවසන් බවයි වාර්තා වෙන්නේ.
විශේෂම දේ තමයි, මේ මුදල ලැබෙන්න නියමිතව තිබුණු දිනටත් කලින් ලබා දෙන්න මහපොළ අරමුදල සමත් වෙලා තිබීම. ගෙවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම නිසා මේ වාසිය සිසුන්ට ලැබුණු බවයි අරමුදලේ සභාපති විජිත් මළල්ගොඩ මහතා සඳහන් කළේ.