දෙමළ අලුත් අවුරුදු සමය නිසා ගම්බිම් බලා යන පිරිස වෙනුවෙන් සාමාන්‍ය දුම්රියවලට අමතරව තවත් විශේෂ දුම්රිය කිහිපයක්ම ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හෙට (9) අලුයම 5.15 ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන දුම්රිය, කොළඹ කොටුව හරහා කන්කසන්තුරය දක්වාම ධාවනය වීමට නියමිතයි.
මහව දක්වා පමණක් සීමා වී තිබූ රජරට රැජින සහ කාර්යාල දුම්රියන් හෙට සිට සාමාන්‍ය පරිදි අනුරාධපුරය දක්වාම ඇදී යනු ඇති.
මේ නිසා අනුරාධපුරය සහ ඒ අවට ප්‍රදේශවලට යන මගීන්ටත් දැන් බයක් නැතිව අවුරුදු යන්න පුළුවන්.
කෝච්චිය විතරක් නෙවෙයි, ලංගම බස් රථත් හෙට සිට විශේෂ සේවාවක් ආරම්භ කරනවා.
ඒ නිසා ගම් බලා යන ඔබට බස් එකේ හෝ කෝච්චියේ කිසිම කරදරයක් නැතිව යන්න දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා.