වසර 8ක විවාහ ජීවිතයට අධිකරණයෙන් තිත තැබූ සැණින්, මේ ආදරණීය පියා ඇයව කැන්දාගෙන ඒමට ගියේ මංගල පෙරහැරකටත් වඩා උජාරුවටයි.
හමුදා මේජර්වරයෙකු සමඟ 2018 වසරේ යුග දිවියට පිවිසි මෙම දියණිය, වසර ගණනාවක් විඳි අසීරුතා අවසන් කර යළි නිවසට පැමිණියේ සංගීත කණ්ඩායම්, නැටුම් ගැයුම් මැද රසකැවිලි බෙදමින් වීම විශේෂත්වයක්.
"මම මගේ දුවට ආදරෙයි" යනුවෙන් මුද්‍රණය කළ ටී-ෂර්ට් හැඳගත් පවුලේ පිරිස ඇයව පිළිගත්තේ රජ කුමාරිකාවක ලෙසයි.
අනුකම්පාව ඉල්ලමින් අඳුරේ වැළපෙනවාට වඩා, තමන්ගේ දරුවාගේ සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් මේ පියාගේ ක්‍රියාව දැන් ලෝකය පුරාම සමාජ මාධ්‍යවල ලැව් ගින්නක් වගේ පැතිර යනවා.
මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි.