දොඩංගොඩ සහ වැලිපැන්න අතර කිලෝමීටර් 40 කණුව ආසන්නයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් ට්‍රක් රථ රියදුරෙකු මෙලොව හැර ගොස් තිබෙනවා.
ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් වේගයෙන් ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරේ බරපතළකම නිසාම ට්‍රක් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අනතුරත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දිසාවට ධාවනය වන මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. ඔබත් මේ මොහොතේ එම මාර්ගයේ ගමන් කිරීමට සූදානම් නම්, ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්.