කොයි වෙලාවෙත් හිනා වෙලා, හරිම සැහැල්ලුවෙන් ඉන්න ඇය, තමන්ගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා අලුත් අලුත් තොරතුරු බෙදාගන්න කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් ඇය තමන්ගේ මුහුණු පොතට අලුත්ම පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා. දකින ඕනෑම කෙනෙකුගේ හිත ඇද බැඳ තබා ගන්නා ආකාරයේ වර්ණවත් සහ සොඳුරු මොහොතක් තමයි මේ පින්තූරවල තිබුණේ.
මේ පින්තූරවල ධනංජි ඉන්නේ කොළ පැහැති ගස් කොළන් සහ ලස්සන රතු පැහැති මල්වලින් පිරුණු උද්‍යානයක. ඇය ඇඳගෙන ඉන්න බතික් රටා සහිත රෝස සහ රතු පැහැති වර්ණවත් දිගු ගවුම ඇගේ සොඳුරු බව තවත් වැඩි කරලා තියෙනවා.
සොබාදහමේ සුන්දරත්වය විඳිමින්, මලක් දෙස බලාගෙන ඇය පාන ඒ අහිංසක සහ සොඳුරු සිනහව දකිද්දී ඕනෑම කෙනෙකුගේ හිතේ ආදරයක් ඇති වෙනවා නොඅනුමානයි.
බලන්නකෝ එහෙනම් ධනංජි බෙදාගත්ත ඒ වර්ණවත් මතක එකතුව කොහොමද කියලා...
