ඒ, කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදහන් වීමේ පුවතයි.
මෙසේ අවාසනාවන්ත ලෙස අතුරුදහන් වී ඇත්තේ නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි, නෝර්වුඩ් වත්තේ පදිංචි එස්. වාගීෂන් නමැති 16 හැවිරිදි සිසුවෙකි.
වාර්තා වන අන්දමට, වාගීෂන් සිය මිතුරන් කිහිපදෙනෙකු සමඟ අද පස්වරුවේ කෙසෙල්ගමු ඔයේ "සිල්වර් වල" නමැති ස්ථානයේ දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී ඔහු දියේ ගිලෙනු දැක මිතුරන් ඔහුව බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බවයි පැවසෙන්නේ. නමුත් එම ස්ථානය අධික ගැඹුරු සහිත වීම නිසා ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වී සිසුවා දිය යට නොපෙනී ගොස් තිබෙනවා.
පසුව මිතුරන් විසින් කරන ලද දැනුම් දීමකට අනුව නෝර්වුඩ් පොලිසිය වහාම ක්‍රියාත්මක වී ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව අතුරුදහන් වූ සිසුවා සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් දියත් කර තිබෙනවා.
නිවාඩු දවසේ මිතුරන් සමඟ විනෝද වෙන්න ගිය මේ දරුවාට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැන මුළු නෝර්වුඩ් වත්තම මේ වන විට පසුවන්නේ දැඩි කම්පනයකිනුයි.