විශේෂයෙන්ම මේ කාලයට පරිසරයට එක් කරන්නේ එරබදු මල්වල රතු පැහැය වුවත්, තවත් විසිතුරු මල් වර්ග රැසක් පරිසරය වර්ණවත් කරමින් සිටිනවා.
මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අපූරු ඡායාරූප පෙළක් කාගේත් නෙත් සිත් ඇදගැනීමට සමත්ව තිබෙනවා. නිල් පැහැති අහස පසුබිම් කරගනිමින්, රෝස සහ කොළ පැහැති වර්ණවලින් පිරුණු මල් ගස්වල දසුන් දුටු සැවොම පවසන්නේ මෙය සැබවින්ම ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක් බවයි.
අලුත් අවුරුද්දට සූදානම් වන අප සැමට, මේ සුන්දර දසුන් ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවක්. කාර්යබහුල දිවියට පොඩි විවේකයක් දීලා, ඔබත් බලන්නකෝ මේ අපූරු මල් ගස්වල ලස්සන කොහොමද කියලා.
