මුළු දිවයිනේම ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිද්දී, දිස්ත්‍රික්ක 4ක ජනතාවට අද පස්වරුවේ විශේෂ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අද (09) දින පස්වරු 2.00න් පසුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව අලුත්ම වාර්තා පෙන්වා දෙනවා.
උදෑසන මීදුමෙන් වැසෙන ප්‍රදේශ වැස්සට අමතරව අද උදෑසන කාලයේදී සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ දරුණු අකුණු අනතුරු සිදුවිය හැකි බැවින්, ඉන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.