මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ, වයස අවුරුදු 8ක් පමණ වූ වන අලි පැටියෙකු "හක්ක පටස්" කෑම නිසා දැඩි වේදනා විඳ අවසානයේ ජීවිතයෙන් සමුගත් පුවතයි.
මොරවැව D-9 යාය ප්‍රදේශයේ වැටී සිටියදී මෙම වනඅලියා සොයාගෙන ඇති අතර, වනජීවී නිලධාරීන් සැක කරන්නේ දින කිහිපයකට පෙර වන අලියා හක්ක පටස් උගුලකට හසුවන්නට ඇති බවයි. දඩයක්කරුවන් විසින් වල් ඌරන් දඩයම් කිරීම සඳහා අටවන ලද මෙම මාරක උගුල, අවසානයේ මේ අහිංසක සද්ධන්තයාගේ මුව තුළම පුපුරා ගොස් තිබුණා.
හක්ක පටස් පිපිරීම නිසා හකු ප්‍රදේශයට බරපතළ හානි සිදුවීමෙන්, මේ සත්වයාට දින කිහිපයක් යනතුරු ආහාරයක් ගැනීමට තබා වතුර පොදක් හෝ බීමට නොහැකි වී තිබෙනවා. පශු වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණෙන විටත් ප්‍රමාද වැඩි වූ අතර, අතිශය වේදනාකාරී ලෙස එම සත්ත්වයා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
"ඌරන් මරන්න අටවන උගුල්වලට වන අලි අහුවෙන්නේ නොදැනුවත්ව නෙමෙයි. මේවා පිටුපස තියෙන්නේ මිනිස්සුන්ගේ නොමිනිස්කම." - ප්‍රදේශවාසීන් පවසති.
මහවැලි කලාප භාර වනජීවී පශු වෛද්‍ය කලිඳු ආරච්චි මහතාගේ මූලිකත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා සිරුර වළ දැමීමට කටයුතු කෙරුණා. වන ලැහැබේ නිදහසේ සැරිසැරිය යුතු මේ වන අලි සම්පත, මිනිස් දඩබ්බරකම් නිසා අද වන විට පොළොවට පස් වී හමාරයි.