ඒ, එරට පිහිටි ෂියා මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මේ වන විටත් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිකුරාදා දින බැතිමතුන් පල්ලිය තුළ ඉතා සාමකාමීව වතාවත්වල නිරත වෙමින් සිටි අවස්ථාවේදී මෙම මරාගෙන මැරෙන බෝම්බකරු පල්ලිය තුළට වැදී තමන්වම පුපුරුවාගෙන තිබෙනවා. ඇසිපිය හෙළන සැණින් පල්ලිය ඇතුළත සුන්බුන් සහ ලේ විලක් බවට පත්ව ඇති බවයි එරටින් ලැබෙන තොරතුරු පවසන්නේ.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 169 දෙනෙකු පමණ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළ බැවින්, ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී පල්ලිය තුළ විශාල පිරිසක් රැඳී සිට ඇති අතර, අගනුවර පිහිටි සියලුම රෝහල්වලට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, පාකිස්ථාන ආරක්ෂක අංශ මුළු නගරයම වටකර දැඩි සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.