Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
06
"ඊයෙ පෙරේදා පෝසත් වුණු ඕකුන් අපට ගැළපෙන්නේ නැහැ.." මව්පියන්ගේ සිතුවිල්ල එකවරම වෙනස් වුණේ කොහොමද..? පොහොසත් පවුලක දියණියකට පෙම් බැඳි ඔහු යෙදූ උපක්‍රමය මෙන්න..

- "ඊයෙ පෙරේදා පෝසත් වුණු ඕකුන් අපට ගැළපෙන්නේ නැහැ.." මව්පියන්ගේ සිතුවිල්ල එකවරම වෙනස් වුණේ කොහොමද..? පොහොසත් පවුලක දියණියකට පෙම් බැඳි ඔහු යෙදූ උපක්‍රමය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

තම එකම දියණිය කිසිදාක මෙහෙම පෙම්වතෙකුට පවරන්න ඔවුන්ගේ  අදහසක් තියෙන්නට නැතුව ඇති.


මේ නිසාම මව්පියන් මේ සම්බන්ධයට දැඩිව විරුද්ධ වුණත් පසුව මනාලයා යෙදූ උපක්‍රමයක් නිසා ඒ හැම දෙයක්ම වෙනස් පැත්තකට පෙරළුනාලු..

මවුපියන්ගේ දැඩි විරෝධය මැද ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටි තරුණියක හදිසියේම පෙම්වතා සමඟ පැනයාමෙන් පසු ඇය නැවත නිවසට කැඳවාගෙන යාමට මවුපියන් පැමිණෙන අතර එහිදී සිදුවූ සිද්ධියක් පිළිබඳව අපූරු කතාවක් දුරබැහැර ගම්මානයකින් පසුගියදා වාර්තා වුණා.

මෙම තරුණියගේ මවුපියන් ප්‍රදේශයේ අතමිට සරු පිරිසට අයත් වූ අතර, ඔවුහු උපතින්ම වතුපිටි ඉඩකඩම් හිමිකාරයෝ වුණා. එකම දියණිය දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබා නිවසට වී සිටියේ රැකියාවක යෙදෙනවාට ඇගේ මවුපියන් අකමැති වූ බැවිනි.

මේ අතර මොවුන්ගේ කුරුඳු මිලට ගැනීමට පැමිණෙන අසල ගමක තරුණයකු සමග මෙකී දියණිය ප්‍රේම සබඳතාවයක් ඇතිකර ගත්තා. කාලයක් තිස්සේ එම සම්බන්ධය රහසක් ලෙස පැවතියද මව්පියන්ට හෙළිදරව් වීමත් සමග එකී ප්‍රේමයට බොහෝ බාධා ඇතිවුණා.

එම තරුණයාගේ කීමට තරම් අඩුපාඩුවක් නොතිබුණද "ඊයෙ පෙරේදා පෝසත් වුණු ඕකුන් අපට ගැළපෙන්නේ නැහැ" යි කියමින් මේ මවුපිය යුවළ දියණියගේ ප්‍රේමයට විරෝධය පෑවේ එක හෙළාමයි.

හැන්දෑවට පොඩි අඩියකින් සප්පායම් වන මෙකී තාත්තා දියණියගේ සිද්ධියක් මතුවූ දාට කන පැලෙන්නම ගහලා දියණියට තරවටු කරන්නට වුණා.

ඔහුගේ බෝතලයෙන් සිය බිරිඳටද ටිකක් හැමදාම බොන්න දෙනවා යැයි ගමේ ආරංචියක්ද ගොඩනැගී තිබුණා. තාත්තා බීමතින් පරලවී දියණියගේ ඇඟට කඩා පනිද්දී අම්මාද ඊට නොදෙවෙනි ලෙස ආවේශ වන්නේ ඒ බව තහවුරු කරමින්.

මවුපියන්ගේ දැඩි බාධාකිරීම් හා හිංසා තවදුරටත් ඉවසනු නොහැකි වූ තරුණිය පසුගියදාක අර තරුණයා සමග හොර රහසේම පැන ගි‍යා.

ඇගේ අතුරුදන්වීමත් සමග දැඩි චිත්ත පීඩාවට පත්වන මවුපිය යුවළ එදින රාත්‍රියේම පෙම්වතාගේ නිවසට ගොස් දියණිය කැඳවාගෙන එන්නට තීරණය කරන්නට වුණා.

ඒ සඳහා නිවසේ ඇති ත්‍රීරෝද රථය පැදවීමට අසල්වැසි හිතවතකුද කැඳවා ගත්තා. ඔවුන් රාත්‍රී අටයි තිහට පමණ වනවිට "වෙන්න බෑනා"ගේ නිවස අසලට ගියා. ඔවුන් එහි ළඟාවනවිට එතන එකම රස ගුලාවකි. විදේශීය මත්පැන් සහිත මධුපානෝත්සවයකි.

ඔවුන් දෙපළ පැමිණ ඇතිබව දැනගන්නා දියණිය නිවස ඇතුළේ සිටම හඬාගෙන පැමිණ ත්‍රීරෝද රථයේ සිටින මවුපිය යුවළගේ දෙපා බදාගෙන කඳුළු වැගිරීය.

පසුව ඇය අම්මා වත්තන් කරගෙන නිවස තුළට කැඳවාගෙන ගියා. ත්‍රීරෝද රථයෙන් බැස වටපිට බලමින් සිටි තාත්තා ළඟට පැමිණි තරුණයකු කාඩ්බෝඩ් පෙට්ටියක් විවෘත කර එහි තිබුණු විදේශීය මත්පැන් බෝතලයක් එළියට ඇද වීදුරුවක් සමග ඔහුට දෙන්නට වුණා.

පසුව තරුණයා බෝතලය කඩා ඔහුගේ වීදුරුව පිරෙන්නටම මධුපැන් වක්කර දුන්නා. ඔහු එම මත්පැන් වඩිය කටේ හලාගන්නවාත් සමගම තවත් තරුණයෙක් පීරිසි තට්ටුවක තබාගෙන පැමිණි කටගැස්මක්ද ඔහුට ළං කළා.

පැයක් හමාරක් යනවිට බඹරපදම්වූ තරුණියගේ තාත්තා නටන්න පටන් ගත්තේය. පසුව ගේ ඇතුළට ගොස් සිය බිරිඳද කැඳවාගෙන ආවේය. පසුව ඇයටද වීදුරුවක් දෙකක් විදෙස් මත්පැන් පොවාගෙන "එළ කොල්ලෙක්නෙ අපේ කෙල්ල සොයාගෙන තියෙන්නෙ" කියමින් දෙදෙනා එකතුව ඇතිපදම් නැටුවා.

එම සිද්ධියත් සමග දියණියගේ ප්‍රේම සම්බන්ධයට මවුපියන්ගේද අනුග්‍රහය ලැබී ඇති අතර ඉදිරි දිනකදී ප්‍රසිද්ධ හෝටලයක උත්සවාකාරයෙන් මංගල උත්සවය පැවැත්වීමට දින නියමවී ඇතැයිද ඉන් පසුව ගම්මුන්ට ආරංචි වී තිබුණා. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top