හෝටලයක මඟුල් උත්සවයකට සහභාගී වූ මිතුරන් පිරිසකගෙන් වෙරිමර ගාතේ සිටි අයකු මනමාලිගේ නැගණියගේ අත්බෑගය තුළ තිබූ ජංගම දුරකථනයක් සොරා ගෙන තිබුණා.
මෙලෙස එය සොරාගත් බව කියන පුද්ගලයාගේ කලිසමේ සාක්කුවේ තිබියදී නව තාක්ෂණය උපයෝගී කරගනිමින් අල්ලා ගැනීමට හැකි වූ බවයි කොහොම හරි දැනගන්නට ලැබෙන්නේ. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමලු,
හෝටලයේ පැවැති විවාහ මඟුල් උත්සවයකට සහභාගි වන ලෙස ආරාධනා ලැබූ මිතුරෝ පිරිසක් පසුගියදා ඊට සහභාගි වී තිබුණා.
මඟුල් උත්සවයේදී මත්පැන් සප්පායම් වූ දෙපාර්ශ්වයේම පිරිස සංගීතයෙන් මුසපත්ව නැටුම් රංගනේ යෙදුන අතර, තම අත්බෑගය මේසයක් මත තබා මනමාලියගේ නැගණියද නටන පිරිසට එක්ව නටන අතර වෙරි වී සිටි මිතුරකු මෙසේ මත තිබූ අත්බෑගය විවෘත කර එය අවුස්සා බලන අන්දම එහි සිටි කිහිප දෙනෙකුගේම නෙත ගැටී තිබුණා.
උත්සවය අවසානයේ මිතුරෝද ආපසු රක්වානට පැමිණි අතර, මනමාලිගේ නංගිගේ අත්බෑගය තුළ තිබූ ජංගම දුරකථනය එහි නැති බව දැනගත් පසු කවුරුත් කලබලයට පත්ව GPS තාක්ෂණය උපයෝගී කරගනිමින් නැති වූ ජංගම දුරකථනය තිබූ තැන සොයාගත් පසු කිහිපදෙනෙක් රක්වානට පැමිණි සැකකරුගේ නිවස සොයා ගියා.
ඔවුන් එහි යන විට අධික මත් ගතිය නිසා ඇඳ සිටි කලිසමද ගලවා දමා යට ඇඳුම පිටින් බිම වැතිරී සිටින පුද්ගලයාගෙන් දුරකථනය පිළිබඳ ප්‍රශ්න කරද්දී ගලවා දමා තිබූ කලිසම් සාක්කුව තුළින් නැති වූ බව කියන දුරකථනය නාද වී තිබුණා.
ඉන්පසු සිද්ධිය දුරදිග නොගොස් සැකකරුට අවවාද කර දෙපිරිසම සමථයකට පත්ව දුරකථනයද රැගෙන එහි අයිතිකරුවෝ නික්ම ගියා.
අදාළ පුද්ගලයා දැන් මිතුරන්ට පවසන්නේ වෙනත් අයකු දුරකථනය සොරකම් කර වාහනයෙන් ආපසු එද්දි එය වෙරිමර ගාතේ සිටි තමාගේ කලිසම් සාක්කුවට දමා ඇති බව පවසමින් මිතුරන් මුණගැසීම මගහරින බවයි.