අද වන විට අපේ රටේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක (ETU) වෙත අසාධ්‍ය ලක්ෂණ පෙන්වමින් ඇතුළත් කරන පාසල් දරුවන්ගේ සහ තරුණ පිරිස්වල ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
වෛද්‍ය පාලිත මහතා පවසන පරිදි, සතියකට පාසල් දැරියන් 9-20ක් සහ තරුණයන් 7-8ක් පමණ මෙම බරපතල තත්ත්වයට මුහුණ දෙමින් රෝහල් ගත කරනවා.
රෝහලට රැගෙන එන රෝගීන් පහත සඳහන් ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වන බව වෛද්‍යවරයා අනාවරණය කරනවා:
කරකැවිල්ල, කලාන්තය සහ වේගයෙන් හුස්ම ගැනීම.
පපුවේ කැක්කුම සහ පපුවේ ගැස්ම අධික වීම.
අත් පා හිරි වැටීම, ඇඟිලි ඇද වීම සහ අත්පා දරදඬු වීම.
අධික ලෙස දහඩිය දැමීම සහ තොල්/කට වියළි බව.
හුස්ම ගැනීමේ අපහසුව සහ දැඩි නිදිමත ගතිය.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය බොහෝ විට "Panic Attack" ලෙස හඳුන්වන, දරාගත නොහැකි අනියත බියක් නිසා ඇතිවන තත්ත්වයක් බවයි.
තමාට හුස්ම ගැනීමට නොහැකි වී අනතුරක් වේ යැයි රෝගියාට සැබෑ නොවන බියක් මෙහිදී දැනේ.
එසේම දියවැඩියාව, හතිය, තයිරොයිඩ් ගැටලු හෝ කනේ ආබාධ නිසාත් මෙවැනි තත්ත්වයන් මතු විය හැකි බව ඔහු අවධාරණය කරනවා.
මෙවැනි රෝගියෙකු දුටු විට කලබල නොවී රෝහලට රැගෙන එන ලෙසත්, ඒ අතරතුර පහත දෑ අනුගමනය කරන ලෙසත් වෛද්‍යවරයා උපදෙස් දෙනවා.
රෝගියා සනසවන්න: ඔහුට මෙය අනියත බියක් පමණක් බවත්, එය පාලනය කළ හැකි බවත් තේරුම් කර දෙන්න.
හුස්ම පාලනය: රෝගියා වේගයෙන් හුස්ම ගන්නේ නම් තත්පර 5කට වරක් හුස්ම ගන්න උපදෙස් දෙන්න. නැත්නම් නාසයෙන් හුස්ම ගෙන තොල් වසාගෙන ඒ තුළින් හුස්ම පිට කිරීමට (Pursed lip breathing) උපදෙස් දෙන්න.
මෙය මානසික ව්‍යාකූලත්වයක් නිසා සිදුවන්නක් නිසා නිසි උපදේශනය මගින් එය නිට්ටාවටම සුව කළ හැකියි.
මෙම තත්ත්වය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමත්, ඔවුන්ට සමාජ වටපිටාව ගැන අවබෝධයක් ලබා දීමත් අත්‍යවශ්‍යයි.
මෙය කිසිදා ඇත්ත නොවන හැඟීමක් බව දරුවාට තේරුම් කර දීමෙන් ඔවුන්ව මානසිකව ශක්තිමත් කළ හැකියි.