Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
04
"ඔහු වැටී සිටිය තැන සිට මීටර් 20ක පමණ දුරින් ඔහු පැදගිය මගේ යතුරුපැදිය ද වැටී තිබුණා. ඒ වෙලාවේ මම දැක්කා ගමේ අය ඈතට වෙලා බලාගෙන ඉන්නවා" යතුරුපැදියේ හිමිකරු දිනේෂ්ගේ මරණය ගැන සාක්ෂි ලබාදෙමින් කී කතාව මෙන්න..

- "ඔහු වැටී සිටිය තැන සිට මීටර් 20ක පමණ දුරින් ඔහු පැදගිය මගේ යතුරුපැදිය ද වැටී තිබුණා. ඒ වෙලාවේ මම දැක්කා ගමේ අය ඈතට වෙලා බලාගෙන ඉන්නවා" යතුරුපැදියේ හිමිකරු දිනේෂ්ගේ මරණය ගැන සාක්ෂි ලබාදෙමින් කී කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,507 Views

ඔහුගේ ජීවිතයට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා නම් කවුරුත් හිතන්න නැතුව ඇති. තවත් තරුණ ජීවිතයකට වේගය මරු කැඳවාවි කියලා ඔහුට ආදරය කරන කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති.


මේ කියන්න යන්නේ තවත් හදවත් කම්පා කරන සංවේදී කතාවක්.

"අධි ධාරිතාවයක් සහිත වේගයෙන් පැදිය හැකි මගේ යතුරුපැදිය ඉල්ලා ගත් දිනේෂ් අනතුරකට ලක්ව ඉලුක් ගාලේ ලයිට් කණුවක් අසල වැටී සිටියා. ඔහු වැටී සිටිය තැන සිට මීටර් 20ක පමණ දුරින් ඔහු පැදගිය මගේ යතුරුපැදිය ද වැටී තිබුණා. ඒ වෙලාවේ මම දැක්කා ගමේ අය ඈතට වෙලා බලාගෙන ඉන්නවා" යැයි රිය අනතුරකින් මියගිය 21 හැවිරිදි අවිවාහක තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් වලස්මුල්ල මූලික රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී වලස්මුල්ල හදිසි මරණ පරීක්ෂක සඳසිරි රණසිංහ ඉදිරියේ සාක්ෂි දෙමින් මියගිය අය ධාවනය කළ යතුරු පැදියේ හිමිකරු වූ හේවා කස්තුරිගේ ප්‍රමෝද් කෞෂල්‍යා සමරතුංග යන අය පැවසුවා.

මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ල ඇත්පිටිය පන්සල පාරේ කපුහේන්ගොඩ යන ලිපිනයේ පදිංචිව සිටි ගංගොඩ මානගේ දිනේෂ් චාමර නමැති අයයි. මියගිය අය වලස්මුල්ල බෝවෙල මාර්ගයේ යතුරුපැදියක් අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ලයිට් කණුව ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. එහිදී වලස්මුල්ල පොලිසියේ රථවාහන අංශයෙහි පොලිස් සැරයන් රෝහණ නිලධාරියාගේ මෙහෙයවීම මත හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ තවදුරටත් සාක්ෂි දුන් යතුරුපැදි හිමිකරු මෙලෙස පැවසුවා.

මෙම සිද්ධිය වූ දින මට අයත් යතුරුපැදියෙන් මම ඇත්පිටියේ කඩේට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි අමිල අයියගේ නිවසට ගියා. එම වෙලාවේ අමිල අයියත්, මියගිය දිනේෂ් චාමරත් සිටියා. ඔහු යතුරුපැදියකින් ඇවිත් හිටියා. මගේ යතුරුපැදිය අධි ධාරිතාවයක් සහිත අධික වේගයෙන් පැදිය හැකි යතුරුපැදියක්. එම නිසාම එම යතුරුපැදිය පැදීමට ආස බව කියා දිනේෂ් මගේ යතුරුපැදිය ඉල්ල ගත්තා.

එවිට වෙලාව 6.20 ට පමණක් ඇතියි. මම යතුරුපැදිය දිනේෂ්ට දීලා ඔහු ගියාට පසු ඔහුගේ අයියා ශ්‍රීමාල් ඔහුගේ යතුරු පැදියෙන් පැමිණ මා සමග කතා කරමින් සිටියා. අපි මෙලෙස කතා කරමින් සිටින විට ශ්‍රීමාල්ට කෝල් එකක් ආවා බෝවෙල පාරේ ලයිට් කණුවක යතුරුපැදිය හැපී දිනේෂ් මල්ලි බීම වැටී ඉන්නවා කියලා. මම ශ්‍රීමාල් එක්ක ඔහුගේ යතුරුපැදියේ එතැනට ගියා. රණවිරු මාවත පසු වී මීටර් 100ක් පමණ දුරින් බෝවල පාර දෙසට යන විට පාරේ වම් පැත්තේ ඉලුක් ගාලේ ලයිට් කණුවක් අසල දිනේෂ් වැටී හිටියා.

ඔහුගේ දෑත් හිසට ඉහළින් එසවී තිබුණා. ඔහුගේ මුහුණින් අධික ලෙස ලේ වැගිරෙමින් තිබුණා. ඔහු වැටී සිටි තැන සිට මීටර් 20ක් පමණ දුරින් බෝවෙල පාරේ මගේ යතුරුපැදිය වැටී තිබුණා.

ඒ වෙලාවේ මම දැක්කා ගමේ අය ඈතින් සිට බලා සිටිනවා. මම දැක්කේ නැහැ තවත් තුවාලකරුවකු එතැන සිටිනවා. ටික වෙලාවකින් දිනේෂ්ලයි ගෙවල් ළඟ ඉන්න සුපුන් අයියා තවත් දෙදෙනකු සමග ත්‍රීවිලර් රථයකින් ඇවිත් බිම ඇද වැටී සිටි දිනේෂ් ත්‍රීවිල් රථයෙහි දමාගෙන වලස්මුල්ල රෝහලට රැගෙන ගියා. ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී මියගිය අයගේ බාල සොහොයුරා වූ ගංගොඩ මානගේ තාරක රොමාල් (18) යන අය ද හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සාක්ෂි දුන්නා.

මියගිය අයගේ මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. එච්.ජී. ප්‍රමුදීත් විසින් පවත්වන ලදී. හදිසි මරණ පරීක්ෂක සඳසිරි රණසිංහ මහතා මෙය රිය අනතුරේදී හිස් කබලට සහ මොළයට සිදුවූ බරපතල හානි නිසා සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කළා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top