සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවියගේ විවාහ මංගල්‍යය පසුගියදා සිදුවුණා.
ඇයගේ අත ගත්තේ ව්‍යාපාරික අනෝජ් කුමාරගේ මහතායි.
කොළඹ තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී පැවැත්වුණු විවාහ මංගල්‍යයට දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
මෙහිදී මනාලියගේ පාර්ශවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, මනාල මහතාගේ පාර්ශවය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් සාක්ෂි අත්සන් කිරීම සඳහා සහභාගී වුණා.