හයිද්‍රාබාද් සිට බැංගලෝරය බලා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් අද (24) අලුයම ආන්ද්‍රා ප්‍රදේශයේ කර්නූල් දිස්ත්‍රික්කයේ චින්නතේකූරු ගම්මානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක්වී තිබුණා. එයින් මගීන් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වාර්තාවලට අනුව, මෙම බස් රථය මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව ගින්න හටගෙන තිබෙනවා.
ගින්න ඉතා වේගයෙන් බස් රථය පුරා පැතිර ගොස් ඇති අතර, මගීන් කිහිප දෙනෙකුට පමණක් ජනේල කඩා පිටතට පැන දිවි ගලවා ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් කර්නූල් රජයේ රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මියගිය පුද්ගලයන්ගේ සිරුරු බොහෝ දුරට පිළිස්සී ඇති බැවින්, ඔවුන් හඳුනා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
පොලිසිය සහ ගිනි නිවීමේ ඒකක සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගින්න පාලනය කර ඇති අතර, අනතුරට හේතුව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.