Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ හඳුනාගැනීම වැදගත් ඇයි? මෙම රෝගය කියන්නෙම නිහඬ මාරකයක්... ඒ නිසා මේ ලිපිය කියවන්න ...

- දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ හඳුනාගැනීම වැදගත් ඇයි? මෙම රෝගය කියන්නෙම නිහඬ මාරකයක්... ඒ නිසා මේ ලිපිය කියවන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

අපේ ජිවිතේ ඇහුවත් බයක් දැනෙන රෝග තිබෙනවා... ඒත් ඒ ගැන හරි හමන්  දැනුවත්වීමක් නෑ.. ඒ නිසා සමහර විට රෝගය ගොඩක් දරුණු වුන විටයි දැන ගන්න ලැබෙන්නේ.. ඉතිං අද කතා කරමු දියවැඩියව ගැන...  


දියවැඩියාව කියන්නේ අද වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාටත් හැදෙන්න පුළුවන් මාරාන්තික රෝගී තත්වයක්. ඔබ දන්නවද මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයෙක් තරම් පිරිසක් තමාට දියවැඩියාව වැළඳී ඇති බව දන්නේ නැහැ.

ඒ නිසාම මෙම රෝගය කියන්නෙම නිහඬ මාරකයක්.

දියවැඩියාව රෝගය වැළඳුණු විටදී හෘද රෝග, ක්ෂණික අබාධ, ඇස් රෝග, වකුගඩු රෝග වැළඳීම, පාද හෝ පදයේ ඇඟිලි කපා දැමීමට සිදුවීම සහ මරණයට පත්වීමේ අවදානම ඇති වෙනවා. මෙම රෝගය නිසි ප්‍රතිකාර මඟින් පාලනය කරගත හැකියි.

හැබැයි අවාසනාවට වගේ බොහෝ දෙනෙකුට මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ ගැන නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා දියවැඩියාව රෝගයේ අනතුරැ ඇඟවීම් පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් තමයි මේ කරන්න හදන්නේ.

රෝග ලක්ෂණ

අධික පිපාසය සහ සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
මෙය දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණවලින් එක් විශේෂ රෝග ලක්ෂණයකි.

ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණයක් තිබේනම් ඔබට අසාමාන්‍ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්‍රා කිරීමට ද අවශ්‍ය වේ.

මෙම තත්ත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ.

මේ ආකාරයට විශාල ප්‍රමාණයකින් මුත්‍රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක් ද ඇති වේ.

ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම
ඔබ බර අඩුකර ගැනීම සඳහා සිදුකරන ව්‍යායාම සහ කෑම පාලනය වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුළ ඔබගේ ශරිරයේ බර අඩු වූවා නම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

මාස හයක කාලයක් තුළ ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

නිදන්ගත තෙහෙට්ටුව
ඔබට සෑම අවස්ථාවකදීම විඩාවක් දැනෙනවා නම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්‍රා කරන නිසා ඔබගේ ශරීරය වියළීමයි.

ඔබ එසේ නොකරනවා නම් ඔබගේ ශරීරය තුළ ශක්තිය ලබාගැනීම සඳහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත. මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි.

ඇස් බොඳවීම

ඔබගේ ඇස් පෙනීම බොඳ වනවා නම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණයයි.

මෙහිදී පටක තුළ ඝන රැධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවෙයි. එමඟින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොඳ වී පෙනෙනු ඇත.

තුවාල සෙමින් සුවවීම

තුවාල සෑදුණු විටදී අසාමාන්‍ය ආකාරයට තුවාල සුව වීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි.

රුධිරයේ ඇති අධික සීනි ප්‍රමාණය තුවාල සුවවීමේ ක්‍රියාවලිය සඳහා බාධා ඇති කරනු ලබයි.

නිරන්තරයෙන් ආසාදන ඇති වීම

නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්‍රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ.

අත් සහ පාදවල හිරිවැටීම, දැවිල්ල සහ වේදනාව ඇති වීම

මෙම රෝග ලක්ෂණ ද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්‍රණය නිසා ස්නායු හානි වීම මගින්.

සමෙහි ඇතිවන ක්ෂණික ගැටලු

දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම, කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්ත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි.

උපුටා ගැනීමක්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top