Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
10
ඇස් වහ කට වහ නසන විශ්මිත කෙම් ක්‍රම හා රහස් මන්තර

- ඇස් වහ කට වහ නසන විශ්මිත කෙම් ක්‍රම හා රහස් මන්තරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

114 Views

මේ මන්තරේ 108 පාරක් ජප කරලා පුළුවන් ඔයාලගේ ගෙවල් වල තියෙන සේරම ඇස් වහ කටවහ යවන්න. ඒ වගේම ඇස් වහ , කට වහ වලට කරන්න පුළුවන් තව පොඩි පොඩි කෙම්  ටිකකුත් මේ ලිපියේ අඩංගු වෙනවා. එහෙනම් කියවලම බලන්නකෝ.


වහ යනු විෂ වේගයකි. මෙම විෂවේගය බලපෑම් කරනු ලබන ආකාර තුනක් පිළිබඳව ජන වහරේ විශ්වාසය පැතිරී පවතී. සාමාන්‍ය එදිනෙදා සමාජයේදී යමෙකුට යහපත් දියුණුවක් වනු දැකීමට බොහෝ පුද්ගලයෝ අකමැති වෙති. බාහිරින් කැමති බවක් පෙන්නුවද අභ්‍යන්තරයෙහි පවතින ඊර්ෂ්‍යාවක් යටි සිත තුළ ඉස්මතු වෙයි. තමා දන්නා හඳුණන ඥාති මිත්‍රයින් වෙත සිදුවන මෙම වාසි දෙස දුෂ්ඨ හා ඊර්ෂ්‍යා සහගතව බැලීමට අපි පුරුදුවී සිටිමු. නොහඳුණන අයෙකුට සිදුවන යසස දියුණුව පිළිබඳ අප තුළ එවන් හැගීම් පහළ නොවන්නේය. මේ අයස බලපෑම සිදුවන ආකාර තුන ඇස්වහ කටවහ හෝ වහ යනුවෙන් ව්‍යවහාරයේ දක්නට ලැබේ.
අලූතින් කිසියම් කාර්යයක් කිරීමේදී ඇසවහ කටවහ හෝ වහ කරුවන් සේ ප්‍රකට පුද්ගලයන්ගෙන් වැලකීමට බොහෝ දෙනා වගබලාගනු ලබත්. හෝ වහට වඩා කට වහත් ඊටත් වඩා ඇස් වහත් දරුණු ලෙස සලකනු ලැබේ. මෙවැනි විෂ වේගයන් කෙතරම් දුරට සමාජයට බලපෑම් කරන්නේද යත් ඊට පිළියම් සෙවීමටද ආදිතමයෝ වගබලා ගත්හ. එසේම අලූතින් සුබ ඵලදායි යමක් සිදුකරන විට ඇස්වහ කටවහ හෝවා ආදියෙන් වැළකීමට සංකේතානුසාර උපක්‍රම භාවිතයක් අද පවා අපට දක්නට ඇත. නව නිවසක් ගොඩනැගිමේදී මෙකී දෝශ වලින් මිදීම සඳහා පඹයකු බැඳීම, සුබ
පැතුමක් ප්‍රදර්ශනය කිරීම, පුහුලක් එල්ලීම වැනි දේ සිදුකෙරේ. කුඩා දරුවකුගේ නම් නළලේ තිලකයක් තබනු ලැබේ. මින් ඇස්වහ කටවහ කරුවනගේ අවධානය ක්ෂණිකව සංකේතය කෙරේ යොමුකිරීමෙන් දොස් මගහැරෙතැයි විශ්වාසයක් පවතී. කටවහ වදිතැයි සිතෙන ප්‍රකාශයක් කළ විටෙක ඔහු දෙසට තුහ්, තුහ්, තුහ් කියා තෙවරක් කෙල ගැසීම බොහෝ ප්‍රදේශවල කෙරේ. තවත් ප්‍රදේශවල අහසට කෙල ගසනු ලැබේ.

පලබර ගසක් ඇස්වහ කටවහ නිසා විනාශයට පත්වීම වැළැක්වීම සඳහා උදෑසනම දින හතක් පිරිත් පැන් මුසුකළ පිරිසුදු වතුර කළය බැගින් ගසේ මුලට වත්කරන්න. මෙම අවස්ථාවේදී කිසිවකු සමග කතා කිරීමෙන් වළකින්න.

කෙම්මුරය (බදාදා හෝ සෙනසුරාදා) දිනයක අලූයම කුකුළා හැඩලීමට පෙර භාජනයකට පැගිරි දර දමන ලද අගුරු ගෙන අබ, මිරිස්, ලූණු එයට දමා නිවෙස වටා එය රැගෙන ගොස් තුන් මංසලකට ඉවත් කරන්න. නිවැසියන්ට ඇති ඇස්වහ කටවහ දෝෂ මගහැරී යයි.

නිවෙසේ සිවු කොණේ නොපෑගුණු ස්ථානයකින් ලබා ගත් පස් කුඩා මුට්ටි හතරක බහා රතන සූත්‍රයෙන් හත්වරක් පිරිත් කර වළ දමන්න. සොර සතුරන් නොපැමිණෙයි. ඇස්වහ කටවහ දෝෂ දුරුවෙයි.

අලූතින් සාදන ගොඩනැගිල්ලේ බිත්තිවලට ගංගා පත්ලෙන් ලබාගත් කුඩා ගල් කැට අභිසම්භිධාන පිරිතෙන් හත් වරක් පිරිත් කර බදාමයට මුසුකර සවි කරගන්න. නිවෙස පවතිනා තුරු ඇස්වහ කටවහ දෝෂ ඇති නොවෙයි.

ඇස් වහ කටවහ දෝෂ නිසා ඇතිවන බිබිළි සහ තුවාල දෙළුම් කොළ තැම්බූ වතුරින් සෝදන්න. අලූයම කුකුළා හැඩලීමට පෙර කතා නොකර දෙළුම් කොළ නෙළා ගත යුතුය.

ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.

කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.

ජලනන්දන පිරිතෙන් තුන්වරක් ජපකරන ලද වැලි මිටක් කඩුල්ල අසල පෑගෙන සේ ඉසින්න. නිවෙසට හෝ ගෙවත්තට පැමිණ ඇස්වහ කටවහ කිරීම වලංගු නොවේ.

කහ දියර සාදා මී ගව හිසක ඇටසැකිල්ල නාවා එම ගව හිස් කබල ගෙවත්තේ හොඳින් පෙනෙන ස්ථානයක රිටක ගසා සිටුවා තබන්න. එය පවතින තාක් ඇස්වහ කටවහ දෝෂ දුරුවී යයි.

ඇස් වහ , කට වහ නසන විශ්මිත රහස් මන්තරය.

මේ සදහා වතුර මතුරා ගත යුතුයි. වතුර මැතිරීම සඳහා පුලූවන් නම් වෙනම ළිදක් කැපිය යුතුයි එම ළිඳට සතුන්ට ලං වීමට නොහැකි පරිදි ලෑලි දමා පස්වලින් වසා තබා , ඉරිදා දින උදයේ කපුටා හඩන්නට පෙර නැවුම් කලයකට වතුර පුරවා ගත යුතු වේ. (මේ අයුරින් විශේෂයෙන් සකස් කළ ළිඳකින්ම වතුර ගත හැකි නම් ඉතා වැදගත් වේ.)

කපුටා හඩන්නට පෙර ලබාගත් මෙම ජලය පිරී කලය සුදු රෙද්දක් එලූ මේසයක් මත තබා ගන්න. නැවුම් කලය යනු අලූත් කලයයි.

මෙම වතුර කලයට කපු ඇට, වී, දර අගුරු යන ද‍්‍රව්‍ය ස්වල්පයක් දමා කොළ 07 ක දෙහි අත්තකින් 108 වර පහත මන්ත්‍රයෙන් මතුරන්න. අබ දැමූ සාම්බ්‍රානිවලින් දුම් අල්ලන්න.

ඕං ගංගා මුනමනි සරස්වතී චෝර සෝර ජදරීය මුවන මායාකාරී චර චේරේ පචජිම පරකූර කීර නගත පරම මන්ත්‍ර ඊශ්වර මේ වාව.

මතුරා ගත් ජලයෙන් තුන් වරුවක් මුහුණ සේදීමෙන්, ඇස්වහ, කටවහ, දෝෂවලින් බිබිළ සෑදී ඇත්නම් එම බිබිලි සේදීමෙන් සුවය ලැබෙනු ඇත.

ගසකට හෝ වගාවකට නම් ගසට හෝ වගාවට ජලය ඉසින්න.

මෑත යුගයේ බොහෝ ජනප්‍රිය භාවයට පත්ව ඇති සෙත්කවි, බෝධිපූජා මෙම දොස් නිවීම සඳහා සිදුකරනු ලබයි. සමහර රෝග ඇස්වහ කටවහ හෝ වහ දෝෂ නිසාම සිදුවෙතැයි ගැමියෝ අදහති. දෙහි ගස්වල ගෙඩි පැලීම, අඹ ගස්වල ළා ගෙඩි වැටීම, පොල් වලූ තලා වැටීම, ඇස්වහ වැදීමෙන් සිදුවන දේ ලෙසින් විශ්වාස කෙරේ.

ඉන්දීය, ප්‍රංශ සහ රෝම වැසියන් අතර තදින් මෙම දෝෂ විශ්වාසයට ගැනීමක් පැවති බවට වර්තාවන අතර වර්තමාන ලක්වැසියෝ ගම්බද නගර බද බේදයකින් තොරව ඇස්වහ කටවහ හෝ වහ දෝෂ වලට පිළියම් යොදනු දක්නට ඇත. මානව සමාජයෙහි පුහු දේවල් ලෙසින් සමහරු විසින් ප්‍රතික්ෂ්ප කරන බොහෝ දේ තුළ ගැබ්වූ අදෘෂ්‍යමාන සත්‍යයන් පවතින බව නවීන විද්‍යාව හමුවේද හෙළිවෙමින් පවතී. එබැවින් මානව ශිෂ්ටාචාරය හා බැඳුනු මෙවන් බොහෝ දේ සමග තවත් අනාදිමත් කාලයක් පරපුරෙන් පරපුරට පෙරට යැමට මිනිසාට සිදුවනු ඇත.

උපුටා ගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top