Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
බඩ අඩුකරවන දෙහි යුෂ සහ උණු ජලය සත්කාරය...

- බඩ අඩුකරවන දෙහි යුෂ සහ උණු ජලය සත්කාරය...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

උදෑසන දෙහි යුෂ මුසු මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩුකර දීමට එය සහාය වන බව සඳහන් වෙනවා.


එම පානයම උණුසුම අඩුකර ඊට මීපැණි ස්වල්පයක් එක්කර ගැන්මෙන් මලබද්ධය ද දුරුකර ගත හැකි බව සඳහන්.

දෙහි, උතුරු ඉන්දියාව උතුරු මියන්මාරය හා හා දකුණු මධ්‍යදිග චීනයේ සිට පැතිරගිය, රුටේසි කුලයට අයත් පැඟිරි ශාකයක්.රසකාරකයක් විෂනාශකයක්, ආහාර රුචිය වඩන්නක්, පිපාසය සංසිඳුවන්නක් මෙන්ම සිරුර පිරිසිදු කර නිරෝගි කරන්නක් ලෙස ද ප්‍රයෝජනවත් වනවා.

විටමින් C A E B ප්‍රභේද,-තයමින් රිබොෆ්ලේවින් නියැසින් හා පැන්තොතෙනික් ෆෝලේට් අම්ල මෙන්ම පොටෑසියම් යකඩ සින්ක් කැල්සියම් මැග්නීසියම් පොස්පරස් ආදි පෝෂක ගණනාව කින් පොහොසත්.

වා පිත් සෙම් තුන්දොසම සමනය කළ හැකි ඔසුගුණයෙන් යුක්තයි. ඒ සඳහා ගෙඩි කොළ මුල් ගැට ආදි ශාක කොටස් යොදාගනු ලබනවා.දෙහිවල ඇති ආම්ලික සාරය නිසා එය බොහෝ රෝගවලට ගුණ දෙන්නක්. ඊට සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරන්නට ද හැකි බව සඳහන්. ශරීර උෂ්ණත්වය අඩුකිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝග ද පාලනය කරනවා. සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට පණුවන්ට හා බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ත් එය සතුයි.

එසේ ම එය ආහාර රස ගැන්වීමටත් ආහාරවල යකඩ පෝෂක උරා ගැන්මටත් උපකාරිවන්නක්. කොළ මැල්ලුමට, සලාදයට, දෙහි යුෂ එකතු කෙරෙන්නේ ඒ කාර්‍ය දෙක ම ඉටු කර ගැන්ම සඳහායි.

උදරාබාධයකදී අපට වහා මතක් වන්නේත් දෙහියි. දෙහිවල ඇති PH 2.00 ආම්ලිකතාව නිසා ආමාශගතවූ විට ක්ෂණික ප්‍රතිචාර දක්වන බැවින්. එය ලුණු සමගත් ඉඟුරු සමගත් අජීර්ණවල දී යොදාගනු ලබනවා . තේ කෝපිවලට මිශ්‍රකර පානය කරනු ලබනවා.ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වමන පාචනය හා ඉක්කා වැනි රෝග තත්ත්වලදීත් දෙහි ඖෂධ ලෙස එක්කරගැනෙනවා .එය විජලනය දුරු කිරීමටද සහායවන්නක්.

සමේ සෛල පණගන්වා සම රකින්නකු ලෙසටත් දෙහි සැලකිය හැකියි. එය සූර්ය රශ්මියෙන් සමට සිදුවිය හැකි හානි වළක්වනවා.සමෙහි ඇතිවන කුෂ්ට විසප්පු ඉදිමුම් පළවා හරිනවා.
කුරුළෑ ලප කැළැල් වලට එරෙහිව ක්‍රියාකරමින් නිරෝගි සමක් ලබාදෙනවා. වියපත් රැලි මකාහරිමින් තරුණ පෙනුම දිගුකල් රැඳවීමට දායකවනවා.සමේ රෝග සඳහා දෙහි යුෂ මීපැණි සමග මිශ්‍රකර ආලේප කිරීම පලදායකයි. එය පානය කිරීමත් සමේ නිරෝගිතාවට හේතුවන්නක් .

හිස්සොරිත් එමගින් ඇතිවන ආසාදනත් දුරුකිරීමට ද දෙහි උපකාරිවනවා . ගෙඩිවල යුෂ හා තැම්බූ ගෙඩිත් ගැටත් හිස ගල්වා සම්බාහනය කර නෑමෙන් හිසකෙස් නිරෝගි කරගත හැකියි.

දෙහි හදවතටත් හිතකරයි. පොටෑසියම් සංචිත හා එක්ව රුධිරනාලවල මේද තැන්පත්වීම අවම කිරීමේ හැකියාව එහි පවතිනවා. සියලු හර්ද රෝගවලට එරෙහිව ක්‍රියා කරන අතර අධිරුධිර පීඩනය ආශ්‍රිත හර්ද රෝගපාලනයට දෙහි යුෂ වඩා හිතකර බව සඳහන්වනවා. එය කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට ද උපකාරිවන බව සඳහන්.දිනකට දෙවරක්වත් දෙහි යුෂ පානයෙන් තරබාරුකමත් පාලනය වනවා. එහි ඇති සිට්‍රික් අම්ලය මේද දහනය කර සිරුර සිහින් කර දෙන්නක්.

දෙහි රුධිර ගත සීනිපාලනයේ හැකියාවෙන් යුක්ත බව අමෙරිකානු දියවැඩියා සංගමය පළකරනවා. එය සිරුරේ නිපදවන ග්ලූකෝස් ක්ෂණිකව උරා ගැන්මේ ශක්තියෙන් යුක්තයි. දෙහිවල ඇති සිට්‍රික් මගින් මුත්‍රාශයේ ගල් දියකිරීමටද හැකියි. එහි urinary citrate සංයෝගය සෑදීම නිසා crystals ඇතිවීම මගහැරෙනවා.

දෙහිවල ඇති යූරික් අම්ලය සන්ධි ඉදිමීම් හා වේදනා වෑළැක්වීමට ක්‍රියා කරන අතර එය ආතරයිටීස් රෝගය පාලනයට උපකාරිවන්නක්.දෙහි වලට ලේ පිළිකා වලට එරෙහිවත් සටන්කළ හැකියි. දෙහි පැඟිරි වල පියයුරු පිළිකා වැළකීමේ ශක්තිය පවතින අතර. දෙහි බික්වලටත් වඩා පිළිකා සෛල වැළක්මේ ගුණ ඇත්තේ දෙහි පොත්තේයි.

එහි ඇති flavonoid limonoin විෂ නසන ගුණ සහිතවූවක්.එහෙයින් ආහාර පානවලට දෙහි ලෙල්ලේ සාරයත් එක්කර ගැන්ම සුදුසුයි. දෙහි යුෂ පානයේදී ලෙල්ලේ සාරය තේ හැඳි බාගයක්වත් එක්කර ගත හැකි නම් එය සිරුරට පලදායකබව සඳහන්වනවා.

එය සන්ධි වේදනා දුරු කිරීමට ද සහායවන්නක්.1970 සිට කෙරුණු පර්‍යේෂණ මගින් දෙහි ලෙල්ල පිටින් අධි ශීත කරණයේ තබා පොත්තත් සමග කුඩුකර ආහාරයට ගැන්මෙන් පිළිකා සෛල වර්ධනය පාලනය කිරීමට හැකි බව සොයා ගැනුණා. සලාද අතුරුපස පලතුරු ආදියට ඒවා එක්කර ආහාරයට ගත හැකියි. ලුණු දෙහි සැකසීම වැනි කල්තබාගත හැකි ක්‍රමවලින් ද දෙහි ලෙල්ල ආහාරයට එක්කර ගත හැකියි.

දෙහි කොළ තැම්බූ වාෂ්ප ශ්වසන පහසුව ලබා දෙන්නක්.සෙම් ප්‍රතිශ්‍යා ආදි සෙම් රෝගවලදී එය සහන සළසනවා.එය ඇදුම පාලනයට හිතකරවන අතර මොළයට ආහාරයක් සේත් සැළකෙනවා. අක්මාවේ මනා ක්‍රියාකාරිත්වයට උර දෙන දෙහි විෂ නාශකයක කාර්‍යය ද ඉටුකරන්නක්.

අතීතයේ පටන් උරග සිවුපා සතුන් සපා කෑවිට කෑ මුඛයේ විෂ පිරිසිදුකරන්නේ දෙහි යුෂ ඇතිල්ලීමෙන්. ඖෂධ සඳහා ද දෙහි එකතුකෙරෙනවා.පත්තෑයන් වැනි සතුන් සප කෑවිට රත් හඳුන් දෙහි වලින් ගලගා ආලේප කරනවා.

දෙහි කොතෙක් ගුණදායක වුවත් එය අම්ලපිත්ත රෝගීන්ට නම් සුදුසු නොවන බවයි සඳහන්වන්නේ. අනෙක් අයට දිනකට කුඩා දෙහි ගෙඩි බාගයක පමණ යුෂ පානය කළ හැකි නම් එය මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැන්මට හේතුවන්නක් බව සඳහන්.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top