Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
දෙනෙත් කඳුළින් තෙත් කළ " අහමදාබාද් ගුවන් ඛේදවාචකය " ගැන හද පාරවන කතාව

- දෙනෙත් කඳුළින් තෙත් කළ " අහමදාබාද් ගුවන් ඛේදවාචකය " ගැන හද පාරවන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ඉන්දියාවේ සිදුවුණු බිහිසුණු ගුවන් අනතුර ගැන තවමත් ලෝකය පුරාම ජනතාව කතා කරන්නේ ඉමහත් වේදනාවකින්...ඇත්තටම සිදුවුණේ මොකද්ද ? 


ඒ ගැන විවිධ මත පලවෙනවා ... මේ ලිපිය එම සිදුවීම ගැනයි..

ලෝකයේ ගත වූ දශකයකදී සිදු වූ දරුණුතම ගුවන් යානා අනතුරක් සලකුණු කරමින්, ඉකුත් බ්‍රහස්පතින්දා (12) ප.ව. 1.38ට ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළින් ගමන් ඇරඹූ එක්සත් රාජධානියේ ලන්ඩනයේ ගැට්වික් අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගොඩ බැස්සීමට නියමිතව තිබූ බෝයිං 787-8 ගුවන්යානය ගුවන්ගත වී මිනිත්තු 2ක් යන විට ඉතා දරුණු ලෙස අනතුරට පත් වූ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේය. එක්සත් රාජධානියේ ගැට්වික් ගුවන් තොටුපළට 18.25ට මේ යානය ළඟා වීමට නියමිතව තිබී ඇත.

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් අනතුරට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගුවන් රේඩාර් අනුව, අනතුර සිදු වන විට ගුවන් යානය පොළෝ මට්ටමේ සිට අඩි 625ක් (මීටර් 190ක්) උසින් පියාසර කරමින් තිබී ඇති අතර, ඇසිල්ලකින් අනතුරට පත් වූ ගුවන්යානය, ඒ අසල තිබූ අහමදාබාද් වෛද්‍ය නේවාසිකාගාරයකට කඩාවැටී තිබූ දරුණු ආකාරය, විදෙස් මාධ්‍ය රූප රාමු සහිතව දිගින් දිගටම වාර්තා කළේය. මේ වන විටත් එම අනතුරින් පුද්ගලයින් දෙසීයකට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර, මේ අනතුර සමස්ත ගුවන්යානා හා ගුවන් සේවා පද්ධතියම මහත් ලෙස කැලඹූ සිද්ධියක් විය.


අහමදාබාද් පොලිස් ප්‍රධානී මලික් ප්‍රකාශ කර ඇති ආකාරයට මෘතශරීර දෙසිය හතරක් අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් දැනටමත් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මරණයට පත් පිරිස අතර ගුවන් මගීන් හා කාර්ය මණ්ඩලයද ගුවන්යානය පතිත වූ වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැඟිල්ලේ සිටි වෛද්‍ය සිසුන් ඇතුළු පිරිස ද යන දෙකොට්ඨාසයම සිටි බව පොලිස් ප්‍රධානී මලික් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන්යානයේ සිටි මගීන් අතර විවිධ ජාතිකයන් සිට ඇති අතර, බහුතර පිරිස ඉන්දීය ජාතිකයන් වූ අතර, ඒ සංඛ්‍යාව 169කි. බ්‍රිතාන්‍ය ජාතිකයන් 53ක්ද, පෘතුගීසි ජාතිකයන් 7ක්ද, එක් කැනේඩියානු ජාතිකයකුද සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගුවන් අනතුරින් දිවි බේරාගත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි විශ්වාස් කුමාර් රමේෂ් ප්‍රකාශ කර ඇත්තේ, ගුවන්යානය ගමන් අරඹා තත්පර 30ක් වැනි කෙටි කලකදී ඉතා විශාල ශබ්දයක් නඟමින් අනතුරට පත් වූ බවත්, ඒ සැම දේම සිදු වූයේ ඇසිල්ලකින් බවත්ය.

බෝයිං 787-8 නවීන ගුවන්යානයක්ද?

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානය, ගුවන්යානා අතර ඉතා නවීන මගී ගුවන්යානා අතරට එක් වන අතරම මේ යානය අනතුරකට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද වාර්තා විය. මේ වර්ගයේ යානයක් වෙළෙඳ පරමාර්ථයෙන් ප්‍රථමවරට පියාසර කර ඇත්තේ 2011දී වන අතර, 2014 ජනවාරියේදී මෙම ගුවන් යානය එයාර් ඉන්දියා ගුවන් සේවයට භාර දී ඇති බව විස්තර වී ඇත.

අනතුරට හේතුව සුළං පෙති ගැටලුවක්ද?

ගුවන්යානා විශේෂඥයන් අහමබාද් ගුවන් අනතුරට හේතුව තවමත් සුපැහැදිලිව විස්තර කර නැති වුවද බොහෝ විට එය සුළං පෙතිවල (Wing Flaps) ගැටලුවක් ද යන්න පදනම් කරගත් කතිකාවක් ගොඩනැඟී ඇත. සුළං පෙති මඟින් ගුවන්යානයකට සෙමෙන් පියාසර කර එක්වරම ධාවනයට හෝ ගොඩබෑමට (කෙටි දුරකදී) ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ලැබේ. ගුවන්යානා විශ්ලේෂකයකු වූ ජෙෆ්රි තෝමස් පවසා ඇත්තේ, සුළං පෙති හැකිළී තිබීම ඔස්සේ මේ පිළිබඳ අනාවරණයක් වීමට ඉඩ ඇති බවයි.

මින් පෙර සිදු වී ඇති එයාර් ඉන්දියා ගුවන් අනතුරු

2018 වසරේදී එයාර් ඉන්දියා බෝයිං 737 ගුවන්යානයක් ගමන ඇරඹූ සැණින් පථයේ බැම්මේ ගැටී අනතුරකට ලක්ව ඇති අතර, 2010දී දකුණුදිග ඉන්දියාවේදී එයාර් ඉන්දියා ගුවන්යානයක් ජෙට් යානයක ගැටී 158ක් මිය ගිය බව වාර්තා වී ඇත. ඉන්දියාවේ සිදු වූ මාරාන්තිකම ගුවන් යානා අනතුරු අතුරින් මෙය එකක් වූ අතර, ජූනි 12 දා අහමබාද් ගුවන් අනතුර බෝයිංග් ඉතිහාසය ඉතා බැරෑරුම්ව ලියා තබන අනතුරක් වන බව නො අනුමානය. ඒ මන්ද යත්: මේ අනතුරෙහි ධාරිතාව මෙන්ම ජීවිත අහිමි වීමද ඉතාම ඉහළ වන බැවිනි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ස්වකීය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ ගුවන් යානා අනතුර තමන් ශෝකයට හා මවිතයට පත්කළ බවයි.


මේ සම්බන්ධව කටයුතු කරනු ලබන සියලු අමාත්‍යවරුන් හා බලධාරීන් සමඟ තමන් නිරතුරුවම සම්බන්ධ වී ඇති බවත් දක්වා ඇත.


මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය රන්දීර් ජයිෂ්වල් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, මේ අනතුර ඉතා ශෝකජනක අනතුරක් බවත් හදිසි තත්වය සලකා ඉතා කඩිනමින් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය වන අතරම මෙම ගුවන් යානයේ ගමන් ගත් විදේශීය ජාතිකයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉන්දීය රජයේ සංවේගය පිරිනමන බවත්ය.

ගෝලීය ප්‍රතිචාරය

එක්සත් රාජධානියේ විදේශ අමාත්‍ය ඩේවිඩ් ලැමී ප්‍රකාශ කර ඇත්තේ, අහමබාද් ගුවන් යානා අනතුරින් තමා දැඩි ශෝකයට පත් වූ බව හා ඉන්දීය බලධාරීන් සමඟ එක් වී මෙම ආපදා තත්වයේදී අවශ්‍ය සහය උපරිමාකාරයෙන් දීමට තමා සූදානම් බවයි. බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 දෙනකු පමණ මේ ගුවන්යානයේ සිටි අතර, බ්‍රිතාන්‍ය අගමැති සර් කියා ස්ටමර් ප්‍රකාශ කර ඇත්තේ, සිදු වූ මේ මහා විනාශයෙන් අනතුරට පත් මඟීන්ගේ හා ඔවුන්ගේ ආදරණීයන්ගේ පවුල් සමඟ එක්සත් රාජධානිය මේ සංවේගජනක අවස්ථාවේ රැඳී සිටින බවයි.

යුරෝපීය කොමිසමේ සභාපතිනිය හා බ්‍රිතාන්‍ය රජු චාර්ලස් කුමරුද ශෝක ප්‍රකාශ සිදු කර ඇති අතර, චාර්ලස් කුමරු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, අහමබාද් ගුවන් අනතුරින් තමා දැඩි සංවේගයට හා කම්පනයට පත් වූ බවත් විපතට පත් වූවන් වෙනුවෙන් යාච්ඤා මෙහෙයන් සිදු කිරීමට අදහස් කරන බවත්ය.

රුසියානු ජනපති වැලැදිමීර් පුටීන්ද බංග්ලාදේශ අන්තර්වාර පාලන ප්‍රධානි මුහම්මද යූනුස්ද ශෝකය පළ කළ රාජ්‍ය නායකයන් අතරට එක්වී ඇත.

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගුවන් යානා අනතුර පිළිබඳ ස්වකීය සංවේගය පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ, විශාල ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඉන්දියාවට ඔවුන්ට මේ තත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වූවද වහ වහා තමන් අවශ්‍ය උපරිම සහය ඉන්දියාවට දෙන බවයි.

කැනේඩියානු නව අගමැති මාක් කානි ද අහමබාද් අනතුරට දැඩි සංවේගය පළ කළ ලෝක නායකයන් අතරට එක් විය.


මේ මාරාන්තික ගුවන්යානා අනතුර ඇතුළත හද කම්පා කරවන සිද්ධීන් රැසක් විය. ලන්ඩන්හි පදිංචි වෛද්‍ය ප්‍රතික් ජෝෂි පවුලේ සෙල්ෆි ඡායාරූපයද හෙළි කළේ එවන් සුන්දර මතකයක හද කකියන නිමාවකි. ඉන්දියාවේ සිටි වෛද්‍ය බිරියද දරු තිදෙනාද ලන්ඩනයට කැටුව යෑමට පැමිණි වෛද්‍ය ප්‍රතික් ඇතුළු සිය පවුලම ගුවන් යානයේ මෘතශරීර ගොන්නට එක් වී තිබිණි.
සිළුමිණ පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top