මතුගම අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී කාලයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට මතුගම පොලිසිය සඳහන් කරනවා..
මරණකරු වයස අවුරුදු 23ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වයස අවුරුදු 51ක් වන යටිදොල නවුත්තුඩුව ප්‍රදේශයේම පදිංචි පිය පුතු දෙපලක්..
තුවාලකරුගේ සහෝදරයෙකු සමග පුද්ගලයෙකු මත්පැන් සාදයකදී ආරවුලක් ඇති කරගෙන එම ස්ථානයෙන් දෙපාර්ශවයම පිටව ගොස් අනතුරුව සිද්ධිය මුල්කරගෙන ඉහත කී ප්‍රදේශයේදී නැවත ආරවුලක් ඇති කරගෙන තිබෙනවා..
එම ආරවුලට මරණකරු හා තුවාලකරු මැදිහත් වී ඇති අතර, එහිදී ආරවුල ඇතිකරගත් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවත්, ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූවන් කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී එක් අයෙකු මියගොස් ඇති බවත්, සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණා..
සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් තිබෙනවා..
මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..