මේ රන් මිල ගැන ඇහෙන කතාවක්.
මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 245,000ක් දක්වා ඉහළ ගොස් තිබු අතර පසුගිය බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 240,500ක් ලෙසයි.
මේ අතර පසුගිය බදාදා රු. 260,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 265,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.