Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
16
ලෝකයේ වැඩිදෙනෙක් පීඩා විඳින රෝග තත්වයක් වූ කොන්ද කැක්කුමේ රතු එළි සංඥා

- ලෝකයේ වැඩිදෙනෙක් පීඩා විඳින රෝග තත්වයක් වූ කොන්ද කැක්කුමේ රතු එළි සංඥාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

“අනේ මගේ කොන්ද රිදෙනවා”  මෙහෙම කියන අය නිතරම හමුවෙනවා... 


අපට ඇහෙනවා නේද ? සමහර විට මේ විදියේ කොන්දේ කැක්කුමකට ඔයත් මුහුණදීලා තිබෙනවා වෙන්න පුළුවන් ... නැත්නම් ඔයාගේ සමීපතයෙක් මුහුණ දීලා තියෙනවා වෙන්න පුළුවන් ... කොහොම වුණත් මේ කියන්න හදන්නේ කොන්ද කැක්කුමේ රතු එළි ගැනයි .....

ලෝකයේ වැඩිදෙනෙක් පීඩා විඳින රෝග තත්වයක් තමයි කොන්ද කැක්කුම කියන්නේ.

ඒ නිසා අපි ඒ ගැන යමක් කතා කරන්න හිතුවා.

සාමාන්‍යයෙන් පැවසෙන විදිහට නම් ලෝකයේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 80%ක්ට පමණ ජීවිතයේ එක්වරක්වත් කුමක් හෝ කොන්ද කැක්කුම් තත්වයක් ඇතිවී තිබෙනවා.

වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා බොහෝ දෙනෙකුට පවතින පොදු හේතුව වශයෙන් සැළකෙන්නේ ද කොන්ද කැක්කුමයි. ජීවිතයේ ඕනෑම වයස් සීමාවකදී මෙය වැළඳිය හැකි වුවත්, සාමාන්‍යයෙන් අවුරුදු 35 - 55 අතර කාලයේ මෙය වැලඳීමේ වැඩි අවදානමක් ඇති බව පැවසෙනවා. වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ කොන්ද කැක්කුම ඇතිවන්නේ අපගේ අස්ථි, මාංශ පේශී හා අස්ථි බන්ධනි සාමූහිකව ක්‍රියාකාරීවීමේදී ඇතිවන විවිධ ගැටළු නිසා බවයි.

කටී ප්‍රදේශය, කශේරුකාව අතර ඇති තැටි, ෂුෂුම්නාව සහ තැටි වටා ඇති අස්ථි බන්ධනි, ෂුෂුම්නාව සහ ස්නායු, කොන්දේ පහළ ඇති ඇති මාශ පේශී, යටිබඩ සහ ශ්‍රෝණි ප්‍රදේශයේ ඇති අභ්‍යන්තර අවයව සහ කටී ප්‍රදේශයේ ඇති චර්මයට සම්බන්ධ කාරණා නිසා කොන්දේ පහළට වන්නට කැක්කුමක් ඇතිවන බව පැවසෙනවා.

ඒ වගේම කොන්දේ ඉහළ ප්‍රදේශයෙන් ඇතිවන කැක්කුම මහා ධමනියේ ඇතිවන අක්‍රමිකතා, පපුවේ ඇති ටියුමර සහ කොන්ද ප්‍රදේශයේ ඇතිවය හැකි ප්‍රදාහයන්වලට සම්බන්ධ බවත් සෙයොගෙන තිබෙනවා.

කොන්ද කැක්කුම ඇතිවීම සඳහා ඇති අවදානම් සාධක

අවදානම් සාධකයක් ලෙසින් හඳුන්වන්නනේ කිසියම් වූ තත්වයක් හෝ රෝගයක් ඇතිවීම සඳහා වූ හැකියාව ඉහළ දැමීමට හේතුවන යම්කිසි කරුණක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

උදාහරණයක් ලෙස ස්ථුලභාවය ඇති පුද්ගලයකු තුළ දියවැඩියාවේ දෙවැනි තත්වය ඇතිවීමේ අවදානමක් පවතිනවා. එබැවින් දියවැඩියාවේ දෙවැනි තත්වය ඇතිවන්නට හේතු වන අවදානම් සාධකය වන්නේ ස්ථුලභාවයයි.

කොන්දේ පහළ ප්‍රදේශයේ කැක්කුම ඇතිවීමේ අවදානම ඉහළ දැමීමට පහත සඳහන් සාධක ඉවහල්වන බව සොයාගෙන තිබෙනවා.

මානසික වශයෙන් ආතතිය ඇතිවන රැකියා, ගර්භනී භාවය (ගර්භනී කාත්නාවන් තුළ කොන්දේ කැක්කුම ඇතිවන්නට ඇති නැඹුරුව ඉතා ඉහළයි), ව්‍යයාම නොකිරීම, වයස (තරුණ වියේ පසුවන්නන්ට වඩා වැඩිහිටිවියේ පසුවන්නන් කොන්දේ කැක්කකුම්වලට ලක්වීමේ අවදානම ඉහළයි), කාංසා තත්වයන්, විෂාදය, ස්ත්‍රී පුරුෂ භාවය (පිරිමින්ට වඩා කාන්තාවන් කොන්ද කැක්කුම්වලට ලක්වීමේ අවදානම ඉහළයි), ස්ථුලභාවය, දුම්බීම, අක්‍රමවත් ලෙස ව්‍යයාම සිදුකිරීම, අක්‍රමවත් ශාරීරික ක්‍රියාකාරකම්

කොන්ද කැක්කුමේ රෝග ලක්ෂණ මොනවාද?

මේවා අතරට රෝගියා විසින් සොයා ගන්නා සහ වෙද්‍යවරුන් විසින් සොයාගන්නා වූ සියලු ලක්ෂණ ඇතුළත් විය හැකියි. ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ මෙහි නමින්ම කියැවෙන පරිදි කොන්දේ කොතැනක හෝ ඇතිවන වේදනාවයි. ඇතැම් විට මෙම වේදනාව තට්ටම් සහ පාද දක්වා වුව පැතිර යා හැකියි. බොහෝ අවස්ථාවලදි මෙම රෝග ලක්ෂණ කෙටි කලක් තුළ නැතිව යයි.

පහත සඳහන් කුමන හෝ රෝග ලක්ෂණයක් ඔබ හඳුනාගත්තා නම් වහාම වෛද්‍යවරයකු හමුවට යා යුතුයි.

බර අඩුවීම, සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම (නිතර ඇති වන උණ), කොන්දේ ඇතිවන ප්‍රදාහයන්, එක් දිගට පිට කොන්දේ පවතින කැක්කුම (විවේක ගත්ත ද සහනයක් නොලැබෙන තත්වයක පවතින වේදනාව), දෙපා හා දණහිස දක්වා පැතිර යන වේදනාව, නුදුරු දිනයක පිට කොන්දේ ඇති වූ තුවාලයක්, යම්කිසි තැනක වැදීමක් හෝ කම්පන තත්වයක්, මුත්‍රා පහකිරීම සම්බන්ධව ඇතිවන යම් යම් දුර්වලකම්, වේදනාවන් හෝ දුෂ්කරතාවයන් ආදිය, ලිංගේන්ද්‍රිය, ගුද මාර්ගය හා තට්ටම් ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන හිරි වැටීම.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය විසින් නිර්දේශ කරන පරිදි පහත සඳහන් කාණ්ඩවලට අයත් පුද්ගලයන් සුළු කොන්දේ කැක්කුමක් ඇති වුව ද වහා ප්‍රතිකාර ගත යුතුයි.

අවුරුදු 20ට අඩු හා අවුරුදු 55 ට වැඩි, මාස කිහිපයක් තිස්සේ විටමින හෝ හෝමොන අඩංගු පෙති භාවිත කරන්නන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, පිළිකා රෝගීන්, පිළිකා පැවති රෝගීන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇතැයි වෛද්‍යවරුන් විසින් තීරණය කරන ලද රෝගීන්
කොන්දේ කැක්කුමට හේතු මොනවාද?

මිනිස් පිටකොන්ද සංකීර්ණ මාංශපේශී, අස්ථි බන්ධන, තැටි, කණ්ඩරා සහ අස්ථිවලින් සමන්විත ව්‍යුහයක්. ඒ වාගේම අපගේ කොඳු නාරටියේ අස්ථි, කොට්ට වැනි කාටිලේජවලින් ආරක්ෂාවී තිබෙනවා.

මේ එක් තැනක හෝ ඇතිවන කුමක් හෝ අක්‍රමිකතාවයක් නිසා කොන්දේ කැක්කුමක් ඇතිවිය හැකියි.

ඇතැම් විට කොන්ද කැක්කුම් ඇතිවන හේතුව සොයා නොගත් අවස්ථාද තිබෙනවා. පහත සඳහන් කොට ඇති පොදු කරුණු ද කොන්දේ කැක්කුමක් සඳහා හේතුවිය හැකියි.

ආතතිය, ශාරීරික වෙහෙස - මෙහිදී මාංශ පේශීවල හා අස්ථි බන්ධනවල අතිවන තදවීම, අක්‍රමවත් ලෙස යමක් එසැවීම, අධික බරින් යුක්ත දෙයක් එසැවීම, අක්‍රමවත් ගමන් විලාශ (උස් අඩි පාවහන් පැළඳීමේදී වැනි), මාංශපේශීවල ඇතිවන කම්පන තත්වයන්.

ඒ වාගේම කොඳු නාරටියේ ඇති තැටි බිඳී යාම, තැටි ඉදිමීම, සයටිකා නම් තත්ත්වය, ආතරයිටිස්, ෂුෂුම්නාවේ ඇතිවන අසාමාන්‍ය වක්‍රතාවය, ඔස්ටියෝපොරෝසිස් තත්වය, ෂුෂුම්නාවේ ඇතිවන පිළිකා, ෂුෂුම්නා ආසාදන, වෙනත් ආසාදන, අක්‍රමවත් ලෙස නිදාගැනීම, ස්නායුවලට බලපෑ හැකි ආසාදන, ප්‍රමිතියෙන් තොර මෙට්ට භාවිතය ආදී ව්‍යුහාත්මක කරුණු.

කොන්ද කැක්කුම ගැන යම් අවබෝධයක් ලබාගැනීමට මෙම කරුණු ඔබට ඉවහල් වන්නට ඇති. කොන්ද කැක්කුමක ලක්ෂණ තමාට ඇති බවට හෝ කොන්ද කැක්කුමක් ඇතිවිය හැකි කරුණුවලට ඔබ බඳුන් වී සිටින බවට හෝ යම් අවස්ථාවක සැකයක් පහළ වූයේ නම් වහාම කළ යුත්තේ වෛද්‍යවරයකු හමුවන්නට යාමයි. කල්ගතවීමෙන් හෝ අතපසුවීමෙන් සිදුවන්නේ තත්වය බරපතලවීම පමණයි....

උපුටාගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top