Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
13
ගෙදර කහ පැල සිටුවා , කහ කුඩු නිවසේදීම හදාගන්න හැටි මෙන්න ...

- ගෙදර කහ පැල සිටුවා , කහ කුඩු නිවසේදීම හදාගන්න හැටි මෙන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views

කහ වවන්න කැමති ඔයාට මේ ලිපිය වටිවී... 


මුහුදු මට්ටමේ සිට මීටර 1,500ක් දක්වාම උස් ප්‍රදේශවල කහ වගා කළ හැකියි.වියලි කලාපයේ තත්වයන් යටතේද කහ වගා කළ හැකියි.ඒ කියන්නේ අපි ජීවත් වන බොහෝ ප්‍රදේශවල කිසිදු ගැටලුවක් නැතිව කහ හොඳින් පැල කර ගන්න අපිට පුලුවන්.

කහ සදහා වාර්ෂික වර්ෂාපතනය මි.මී 1500ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
සුදුසු පරිසර උෂ්නත්වය 20-35 C අතර පවතිනවා.

විවිධ පස් වර්ග වල කහ වගා කළ හැකි වුවත් මනා ජල වහනයක් ඇති කාබනික ද්‍රව්‍ය සහිත වැලි ලෝම පස කහ වගාවට ඉතා යෝග්‍යයි.

දුර්වල ජල වහනයක් සහිත පස්, ගල් බොරලු අධික පස් සහ මැටි පසද කහ වගාවට සුදුසු වෙන්නේ නෑ.

ඔබ ස්වයං රැකියාවක් ලෙස කහ වගා කරනවා නම්....

තෙත් කලාපයේ කහ වගා කරනු ලබන්නේ යල කන්නයේ වැසි සමග මාර්තු හෝ අප්‍රේල් මාසවල.වියළි ප්‍රදේශ වල, මහ කන්නයේ වර්ෂාවත් සමග සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වල වගා කෙරෙනවා.

කහ බහුලව වගා කරන්නේ මඳ සෙවණ ඇති ගෙවතු හා පොල් කෙසෙල් වැනි බෝග සමග අතුරු බෝගයක් ලෙසයි.

බෝග සිටුවීම

රෝපණ ද්‍රව්‍ය.

ඔබ නිවසේ කහ පැල කීපයක් සකසා ගන්නවා නම් ඔබට බීජ කහ ඔබ ප්‍රදේශයේ බීජ අලෙවි සැලකින් මිලදී ගන්නත් පුලුවන්.

නමුත් එහිදී රෝග වලින් තොර නිරෝගී අමුකහ බීජ තෝරා ගැනීම වැදගත්.
ඔබ ස්වයං රැකියාවක් සදහා කහ සිටුවීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබම බීජ සකස් කර ගැනීම මෙසේ කර ගන්න.

මව් අල සහ ඇඟිලි අල ලෙස අල වර්ග දෙකක් කහ වල දක්නට ලැබෙනවා. මේරූ ඇගිලි අල (අතු කහ) සුදුසු රෝපණ ද්‍රව්‍යයි.

අලකෑල්ලක බර ග්‍රෑම් 30-35 ක් විය යුතු අතර අංකුර 1-2 ක් තිබිය යුතුයි.
රෝපණ ද්‍රව්‍ය රෝග වලින් තොර විය යුතු අතර ඉහල අස්වැන්නක් ලබා ගත හැකි වගාවකින් ‍තෝරා ගත යුතුයි.

සි‍ටුවීමට පෙර අල දිලීර නාශකයක (මිනිත්තු 30 ක් පමණ ගිල්වා තැබිය යුතුයි.

පැල සිටුවන්නෙ මෙහෙමයි

කුඩා ඉඩක් සහිත ගෙවත්තක කහ වවන ආකාරය ගැන මුලින්ම අපි සොයා බලමු.

ඉවත දමන හාල් කවර ආදියේ හෝ වගා කවර වල ඔබට කහ සිටුවා ගන්න පුලුවන්. නමුත් සමහර වෙලාවට වර්ධනය අඩාල වීමක් වෙන්නත් පුලුවන් බව අමතක කරන්නත් එපා.
මේ කවර වල මාස දහයක් පමණ කහ පැලය වැවෙන්න ඉඩ දෙන්න ඕනෑ.

යොදන ජලය කවරයෙන් ක්‍රමවත්ව බැස යාමට කවරය සිදුරු කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්.
වගා කවරයේ කහ සිටුවා ගන්නා ආකාරය.

ගොම, වැලි, කොහුබත් සහ මතුපිට පස් සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර බඳුන් මිශ්‍රණය සකසා ගන්න.

පොලිසැක් බෑගයේ උස බාගයක් වන සේ බෑගය දෙකට නවා ගන්න.
බඳුන් මිශ්‍රණය නවාගත් වගා මළු වල ඉහල දාරයේ සිට අඟල් 6ක් ඉතිරි වන තෙක් පුරවා ගන්න.

පුරවා ගත් බඳුනට ටී.එස්.පී. (ට්‍රිපල් සුපර් පොස්පේට්) ග්‍රෑම්10ක් එකතු කර මිශ්‍ර කර ගන්න.

බීජ අල වගා බෑගයක් තුළ ත්‍රිකෝණාකාර ලෙස සම දුරින් සැකසූ වලවල් තුනක බීජ අල සිටුවා ගන්න ...

ඉඩ කඩ ඇති ගෙවත්තක වැඩි කහ ප්‍රමාණය වගා කරන්නෙ මේ ආකාරයටයි

බිම හොඳින් කොටා පස පෙරලා, කැට පොඩි කරන්න.

පලල අඩි 4ක් වන අයුරින් අගල් 9ක් උසට පාත්ති සකස් කර ගත යුතුයි.

අඩි 4 ක් පළල අඩි 10ක් දිග පාත්තියක් සඳහා ගොම පොහොර හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 5ක් සහ ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) ග්‍රෑම් 50ක් යොදා මිශ්‍ර කරන්න.

පාත්ති අතර අඩියක පමණ කාණුවක් තිබීම ප්‍රමාණවත්.

බීජ අල පාත්ති වල සි‍ටුවීමේදී පැල අතර හා පේළි අතර අඩියක පමණ පරතරයකින් සි‍ටවන්න.

බීජ අල අඟල් 2, 3 ක් පමණ පසට යට කළ යුතුයි ...

බීජ අල සි‍ටවා පිදුරු, දහයියා, ග්ලිසීරියා හෝ වෙනත් වියළි කොල වර්ග යොදා ගනිමින් පාත්ති වසුන් කල යුතුයි.

වසුන් කිරීම නිසා පසෙහි තෙතමනය ආරක්ෂා වීම, බීජ ප්‍රරෝහනය සදහා යෝග්‍ය උෂ්ණත්වයක් ඇති වීම, වල් පැල මර්දනය වීම සිදු වෙනවා.

පොහොර යෙදීම

අඩි 4*10 පාත්තියකට

මූලික පොහොර ලෙස

ගොම පොහොර හෝ කොම්පෝස්ට් = කිලෝග්‍රෑම් 5

ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) = ග්රෑම් 50

සිටවා දින 45 ට පසු

යූරියා ග්‍රෑම් = 32.5
M.O.P. ග්‍රෑම් = 50
සිටවා දින 90 ට පසු
යූරියා ග්‍රෑම් = 32.5
M.O.P. ග්‍රෑම් = 50

පොහොර යෙදීමට පෙර වල් නෙලන්න.

පසෙහි ප්‍රමාණවත් තෙතමනයක් තිබිය යුතුයි
ඉන් පසු වසුන් කරන්න.

එක පැළයකට ගිනිපෙට්ටි පියනකින් එකක් පමණ අවශ්‍ය වෙනවා.
නැවත මාස හයකින් පොහොර යොදන්න.

වල් නෙලීම

කහ වගා කිරීමෙන් මාසයකට පසු වල් නෙලීම සිදු කරන්න.

දෙවන වල් නෙලීම සිටුවීමෙන් මාස තුනකට පසුව සිදු කරන අතර තෙතමනය ආරක්ෂා කිරීම සඳහා කහ වගා කිරීමේදී මුල් මාස 3 හොඳින් වල් නෙළන්න.

ඉන්පසු කහ ශාකය වර්ධනයත් සමග වල් පැලෑටි ක්‍රමයෙන් අඩු වෙනවා.

අස්වනු නෙලීම

අස්වනු නෙලීම සිදු කරන්නේ සිටුවීමෙන් මාස 9 කට පමණ පසුවයි.

මාර්තු – අප්‍රේල් කන්නයේ කහ සිටුවන්නේ නම් දෙසැම්බර් සහ ජනවාරි වන විට අස්වැන්න නෙලා ගැනීමට හැකියි.

ශාක කහ පැහැයට හැරී කොළ වියලීමට පටන් ගැනීම කියන්නේ අස්වනු නෙළීමේ සංඥාවට.
අස්වනු නෙලීම සිදු කරනු ලබන්නේ අලවලට වලට හානි නොවන ලෙසට.

අලවල ඇලී ඇති පස් කොටස් ප්‍රවේශමෙන් ඉවත් කරන්න.

නිවසේදීම කහ පරිභෝජනයට සකසා ගන්නා ආකාරය දැන ගමු ...

කහ අල වල මුල් කොටස් කපා ඉවත් කොට පස් ඉවත් වන තුරු හොඳින් සෝදා මව් අල සහ ඇඟිලි අල වෙන් කරන්න.

අල වැසෙන තුරු ජලය යොදා හොඳින් තම්බා ගන්න..

නිසි ලෙස තම්බා ගත් විට අල මෘදු වෙනවා.

තම්බා ගත් කහ දින කිහිපයක් පවනේ වියලා ගන්න.

උදේ 11-2 ත් අතර තද හිරු එළිය නොවැටෙන පරිදි මුල් දින තුන සෙමින් වියලා ගන්න.

ඉන්පසු දිනය පුරා හිරු එළියේ වියළා ගන්න.

සම්පූර්ණ වියළීමේ ක්‍රියාවලියට දින 10 ක් පමණ ගත වෙනවා.

සාමාන්‍ය ග්‍රයින්ඩරයේ හෝ බ්ලෙන්ඩරයේ කොටා ගන්න මුළුතැන්ගෙයි පාවිච්චියට කහකුඩු හදා ගන්න පුලුවන්.

ඔබට ඉඩකඩ ඇති ගෙවත්තක් තිබේ නම් කහ වගා කිරීම ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කරන්නත් මේ ලිපිය ඔබට උදව්වක් වේවි.

උපුටාගැනීමක්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top