මේ කියන්න යන්නේ අධිවේගී මාර්ගයේ සිදුවුණු තවත් එක් බිහිසුණු අනතුරක් ගැන කතාවක්..
මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා..
පොලීසිය පවසන්නේ, තුවාලකරුවන් මේ වන විට මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි..
ඒ අතරින් බරපතළ තත්වයේ පසුවූ තුවාලකරුවන් සිව් දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා..
අනතුර සිදුවූ ආකාරය සම්බන්ධ මෙතෙක් තොරතුරු කිසිත් මෙතෙක් හෙළි වී නැති බවයි වාර්තා වෙන්නේ..