Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
09
නාන්න වඩාත් සුදුසුම වෙලාව උදේ ද? හවස ද?

- නාන්න වඩාත් සුදුසුම වෙලාව උදේ ද? හවස ද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම් රාත්‍රී කාලයේ කියලද?  ඔයා හිතන්නේ මෙකක්ද?
මේ ප්‍රශ්නේ ඔයාගේ යාළුවන්ගෙනුත් අහලා බලන්න. සමහරෙක් කියයි ‘‘උදේ නාන එක තමයි වඩාත්ම හොද“ තවත් අය කියයි ‘‘නැහැ. රෑට නාන එක තමයි ගොඩක්ම හොද වෙන්නේ“ කියලා.

උදේ නාන කෙනෙක් කොහෙමත්ම රෑ නාන එක හොදයි කියල පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රෑ නාන කෙනෙක් පිළිගන්න කැමති නෑ උදේ නාන එක හොදයි කියලා. දැන් කොහෙමද ඔයා දැනගන්නේ ඇත්තමට නාන්න සුදුසු වෙලාව දවසේ කොයි වෙලාවද කියලා.

ඒක හරියටම තීරණය කරන්න පුළුවන් ඔබේ සමේ වර්ගය සහ ඔබ දෛනිකව කරන වැඩ සහ එයින් ඔබගේ ශරීරය කොතරම් අපිරිසිදු වෙනවද කියන කරුණු මතයි.

උදේම නෑම වාඩාත්ම සුදුසු මේ වගේ අයටයි
ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම්, නාන්න සුදුසුම වෙලාව තමයි උදේ කාලය. ඒකට හේතුව විදියට වෛද්‍යවරු පවසන්නේ, ‘‘සමේ තෙල් නිපදවෙන්නේ රාත්‍රී කාලයේදී වන නිසා උදෑසන නෑමෙන් මෙම තෙල් ඉවත් වී සමේ සිදුරු හොදින් පිරිසිදු වෙනවා. ඒ වගේම තෙල් සහිත සම හොදින් උද්දීපන කරන්නත් උදෑසන නෑම ගොඩක් හොදයි“

ඔබ උදේම රැවුල කපන කෙනෙක් නම්, නෑමෙන් පසු රැවුල බෑම ඉතාමත් පහසු වෙනවා. ඒකට හේතුව තමයි නෑමෙන් පසු රැවුල් ගස් මෘදු බවට පත්වීම. මේ නිසා ඔබට ඉතාමත් සුසිනිදුව සහ පහසුවෙන් රැවුල කැපීම කරන්න පුළුවන්.

ඔබ උදේ අවදි වන කෙනෙක් නම්, උදෑසන නෑම ඔබට වඩාත් පහසු දෙයක්. ඒකට හේතුව තමයි ඔබට අවශ්‍ය තරම් වෙලාව තියෙනවා හොදින් නාන්න. උදෑසන නගිටින්න කම්මැලි අයට උදේ නාන්න කොහොමත් වෙලාවක් ඉතිරිවෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට හරියට නා ගන්නත් බැරිව යනවා.

ඔබට රාත්‍රි කාලයේ ගොඩක් දාඩිය දාන කෙනෙක් නම්, ඔබට වඩාත්ම සුදුසු වන්නේ උදේම නාන එක. එයින් ඔබට නව ප්‍රබෝධමත් බවකින් දවස පටන් ගන්න පුළුවන්.

ඔබ දවස පුරා විෂබීජ වලට නිරාවරණය වෙලා නැතිනම්, ඔබට වඩාත් සුදුසු උදේම නාන එකයි. ඔබ කරන රැකියාව අනුව හෝ ඔබ දෛනික ජීවිතය ගෙවන ආකාරය මත තමයි ඒක තීරණය වෙන්නේ. හිතන්න ඔබ උදේම නිවසේ ඉදන් කෙලින්ම වායු සමනය කළ කාර්යාලයක රැකියාව කරලා අපසු ගෙදර එන කෙනෙක් නම්, ඔබගේ ශරීරයේ ගොඩක් අපිරිසිදු වෙන්න විදියක් නැහැ. ඒ නිසා හවසට ඇග පත සෝදාගෙන පිරිසිදු වෙලා නින්දට ගිහින් උදේම නාන එක තමයි හොදම දේ.

රාත්‍රියේ නෑම වාඩාත්ම සුදුසු මේ වගේ අයටයි
ගොඩක් අය හිතන්නේ නිදාගන්න කලින් නෑවාම ශරීරය සැහැල්ලු වෙලා සුව පහසුව නිදා ගන්න පුළුවන් කියලා. කොහොම උනත් සමීක්ෂණයන්ට අනුව රාත්‍රී කාලයේ නෑමෙන් ශරීරයේ උෂ්ණත්වය අඩු වීම නිසා හදවතේ රිද්මයට බලපෑම් ඇති වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා පසු කාලීනව නිදා ගැනීමේ අපහසුතා ඇතිවන්න පුළුවන්. ඒකට විසදුමක් විදියට නින්දට පැය දෙකකටවත් කලින් නාන එක සුදුසුයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.

ඔබ Make Up පාවිච්චි කරන කෙනෙක් නම්, ඔබ දිනපතා මේක් අප් සහ සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් භාවිතා කරන කෙනෙක් නම් මුහුණ සෝදා නිදා ගන්නවට වඩා හොදින් නා පිරිසිදු වෙන එක තමයි හොදම දේ. ඒකට හේතුව තමයි මුහුණ සෝදනවට වඩා නාන විට ඔබගේ මුහුණට ලැබෙන අඛණ්ඩ ජල ප්‍රවාහය නිසා හොදින් පිරිසිදු වීම.

ඔබට තිබෙන්නේ වියළි සමක් නම්, නාන්න සුදුසම වෙලාව තමයි රාත්‍රී කාලය. නෑමේදි සම ඉතාමත් හොදින් පිරිසිදු වෙන නිසා සමේ සිදුරු විවිර වී තවත් වියලි තත්වයට පත් වෙනවා. මේ නිසා වියලි සමක් හිමි අය රාත්‍රී කාලයේදී නෑමෙන් ඔවුනගේ සම වියලීම අඩු කරගන්න පුළුවන්.

ඔබ වැඩ කරන පරිසරය ඉතාමත් අපිරිසිදු එකක් නම්, ඔබ රැකියාව කරන්නේ විෂබීජ වලින් පිරිණු රෝහලක් වගේ තැනක නම් කරන්න තියෙන හොදම දේ තමයි නිවසට පැමිණි විගසම නාන එක. ඒ වගේම ඔබගේ අපිරිසිදු රෙදි සෝදන එක. එයින් ඔබගේ සෞඛ්‍ය රැකෙනවා පමණක් නොවෙයි නිවසේ සිටින අනිත් අයගේ සෞඛ්‍යත් රැක ගන්න පුළුවන්.

ඔබ ගොඩක් මහන්සිවෙලා වැඩ කරන කෙනෙක් නම්, ඔබගේ රැකියාව ඉතාමත් වැඩ අධික, දහඩිය වැගිරෙන එකක් නම් හොදම වෙලාව තමයි රත්‍රී කාලයේ නාන එක.

ඔබට දැන් පූළුවන් ඔබ නාන වේලාව ඔබගේ රැකියාවට, ජීවන රටාවට සහ ඔබගේ ශරීරයට අනුව තෝරා ගන්න. එහෙත් ඔබ නොකළ යුතු එක දෙයක් තියෙනවා ඒ තමයි දිනකට වාර කිහිපයක් නාන එක. කිසිම විටක උදේ සහ රාත්‍රී දෙකේම නාන්න පුරුදු වෙන්න එපා. එයින් ඔබගේ සම ස්වභාවිකවම ආරක්ෂා කරන සමෙහි වාසය කරන හිතකර බැක්ටීරීයා ඉවත් වී සම අධික ලෙස වියලි වීම, සමේ කුඩා පැළුම් ඇතිවීම නිසා චර්ම රෝග ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.

සැලකිය යුතුයි ------------------
නාන්න සුදුසු වෙලාව මොකක් උනත්, ඔයා මාසෙකට සැරයක් වගේ නාන කෙනෙක් නම් කොයි වෙලාවෙ හරි කමක් නැහැ. එදාටවත් හොදට නාගන්න කියන එක තමයි විශේෂඥ වෛද්‍ය වරයෙක් උණත් දෙන හොදම උපදේශය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top