Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
22
අධි රුධිර පීඩනය පාලනය කරන මේ ආහාර ගැන ඔබ දන්නවාද?

- අධි රුධිර පීඩනය පාලනය කරන මේ ආහාර ගැන ඔබ දන්නවාද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

අධි රුධිර පීඩනය ද දියවැඩියාව මෙන්ම සමහර විට ඊටත් වඩා නිහඬ මාරයෙක් ලෙස වෛද්‍යවරු හඳුන්වති. 


අප දිනපතා ගනු ලබන ආහාර පාන රුධිර පීඩනය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.

මේ අනුව සමහර ආහාර පාන රුධිර පීඩනය වැඩි කරන අතර සමහර ආහාර පාන රුධිර පීඩනය අඩු කරයි.

මේ නිසාම රුධිර පීඩනය වැඩි නොකරන ආහාර පාන පිළිබඳව විශේෂ දැනුම්වත්කමක් අප සතු වීම ඉතාම යහපත් වේ. මේ එවැනි ආහාර පාන වර්ග කීපයකි.
 
සුදුලූනූ
ධමනිවල ගැස්ම ලිහිල් කරන බලයක් සුදුලූනූ වල ඇත. ඉන් රුධිර පීඩනය අඩු කරයි. කරකැවිල්ල, හිරිවැටීම, හුස්ම ගැනීමේ අපහසුව, ජීර්ණ පද්ධතියේ විෂවායු ඇති වීම සුදුලූනූ ආහාරයට ගැනීමෙන් සමනය කරයි. මේ සඳහා දිනකට සුදුලූනූ බික් දෙක තුනක් සිහින්ව පෙති කපා අමුවෙන් කෑමට ගැනීම ප්‍රමාණවත්ය. ව්‍යාංජන වලට නිතර සුදුලූනූ බික් කීපයක් එක්කර ගැනීමද ඉතාම යහපත්ය.
 
කැකිරි
කැකිරි යුෂ අධි රුධිර පීඩනයට ඉතා හොඳ ඖෂධයකි. කැකිරි යුෂ අඬු කෝප්පයකට මී පැණි තේ හැඳී එකක් හා දෙහි යුෂ තේ හැන්දක් මිශ්‍රකර දිනපතා පානය කිරීමෙන් රුධිර පීඩනය මනාව පාලනය කළ හැකිය.
 
පැණි කොමඩු ඇට සහ පොතු
පැණි කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය අඩු කරයි. පැණි කොමඩු ඇට වියළා බැද ආහාරයට ගැනීමෙන් මෙම වාසිය ලබාගත හැකියි. කොමඩු ඇටවල අඩංගු විශේෂ රසායනිකයක් රුධිර පීඩනය අඩු කිරීමේ විශේෂ ගුණයෙන් යුතු බව ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය මධ්‍යස්ථානය මඟින් කරන ලද පර්යේෂණ අනුව ද සනාථ වී ඇත. පැණි කොමඩු ගෙඩියේ පොතු වල ද මෙවැනිම ගුණයක් ඇති බව ද දේශිය ආයුර්වේද වෙදකමේ සොයාගෙන ඇත. කොමඩු පොතු ග්‍රෑම් 12, සෙනෙහෙ කොළ ග්‍රෑම් 10 සමඟ සූපයක් වන සේ තම්බා එය දිනපතා පානය කිරීමෙන් රුධිර පීඩනය පහසුවෙන් අඩුකරගත හැකිය.
 
ඉඳුණු කෙසෙල්
ඉඳුණු කෙසෙල් අධි රුධිර පීඩනයට ප්‍රත්‍යක්ෂ පලතුරකි. හෘදයේ ලේ ඉවතට ගෙන යන නාඩි තද වීම වැළැක්වීමටද ඉඳුණු කෙසෙල් ගුණදායකය. දිනපතාම එක කෙසෙල් ගෙඩියක් කෑමෙන් මේ ප්‍රතිඵල ඔබට ලබාගත හැකිය. එළකිරි කුඩා වීදුරුවක් කුඩා කෙසෙල් ගෙඩියක් සමඟ ආහාරයට ගත හැකි නම් වඩාත් සුදුසුය. (දියවැඩියාව රෝගීන්ට එළකිරි සුදුසු නොවේ)
 
වම්බටු
වාෂ්පයෙන් තැම්බූ වම්බටු මහඟු වේදනා නාශකයකි. අර්ශස් මළ බද්ධය මෙන්ම අධි රුධිර පීඩනයට ද වම්බටු ආහාරයට ගැනීම ඉතාම ගුණදායකය. හොඳීන් සේදු වම්බටු ගෙඩි දෙකක් කැබලිවලට කපා ලුණු ස්වල්පයක් හා පොල්තෙල් ස්වල්පයක් තවරා වාෂ්පයෙන් තම්බා ආහාරයට ගන්න. සතියකට තුන් වරක් පමණ සලාදයක් ලෙස කෑලි ගම්මිරිස්, අමු මිරිස් කැබලි මිශ්‍රකර පහසුවෙන් ආහාරයට එක්කරගත හැකිය. (වම්බටු උණු අළු පල්ලේ දමා තම්බා ගැනීමෙන් සාදන සලාදයේ ගුණ මීට වෙනස්ය.)
 
බඩ ඉරිඟු
බඩ ඉරිඟුවල ඇති නිකොටිනමයිඩ් ව්ඪජධබඪදචථඪඤඥ සංයෝගය මළබද්ධය දුරු කරවයි. එමෙන්ම එමඟින් රුධිර ධාවන පද්ධතියේ අඩංගු අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. ළපටි බඩ ඉරිඟු වලින් සාදා ගන්නා තලප මේ සඳහා සුදුසුම ආහාරයයි. බෙහෙවින් ළපටි බඩඉරිඟු කරලක් අමුවෙන් දින දෙකකට වරක් බැගින් කෑමට ගැනීම ද, ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගැනීමද මේ සඳහා සුදුසුය.
 
කැරට් යුෂ හා නිවිති කොළ යුෂ
කැරට් හා නිවිති කොළ යුෂ අධි රුධිර පීඩනයට ඉතාම ගුණදායකය. කැරට් යුෂ මිලිලීටර් 300 කට නිවිති කොළ යුෂ මිලිලීටර් 200 ක් පමණ මිශ්‍රකර මී පැණි බිංදු කීපයක් දම‌ා හෝ නොදමා දිනපතා පානය කරන්න. (සෙම්ප්‍රතිෂ්‍යාව සහිත දිනවල කැරට් යුෂ පමණක් පානය කරන්න.)
 
නෙළුම් දලු
නෙළුම් දලු වලින් සාදා ගන්නා තලප සතියකට කීපවරක් උදෑසන ආහාරයක් ලෙස ගැනීම වයස්ගත දුර්වල ශරීර ඇත්තන්ගේ රුධිර පීඩනය දුරු කරවයි. රුධිර නාල ප්‍රසාරණය වීම සඳහා නෙළුම් දලුවල අඩංගු රසායනික සෘජුවම ක්‍රියාත්මක වේ. මෙමඟින් රුධිර පීඩනය සමනය කරවයි. කැකුළු හාල් පිටි ග්‍රෑම් 50 සමඟ ළපටි නෙළුම් දළු ග්‍රෑම් 50 ක් පමණ ජලය අඬු කෝප්ප තුනක් යොදා රත්කර දිය සිඳුවා (ජලය පෙරා) කැකුළු හාල් පිටි සමඟ අඹරා නෙළුම් දළු තලප සාදාගත හැකිය.
 
මී පැණි
හෘදයේ පේශි වර්ධනයට උදරය හා බඩවැල්වලට ද මී පැණි ඉතාම හිතකරය. එමඟින් අක්මාව ආරක්ෂා වන අතරම අධිරුධිර පීඩනය ද සමනය කරයි. මීපැණි හෘදයෙන් පිටතට රුධිරය ගෙන යන නාළ තද වීම ද වළක්වයි. රුධීර පීඩනය පාලනය සඳහා දිනපතා මී පැණි බිංදු කීපයක් දැමූ වතුර වීදුරුවක් හිස්බඩ පානය කිරීමේ පුරුද්ද ඇතිකර ගන්න.
 
සැල්දිරි
සැල්දිරි යනු සලාද හා සුප් සාදා ගැනීමට අගනා පැළෑටි විශේෂයක් බව ඔබ හොඳීන්ම දනී. සැල්දිරි ආහාරයට එක්කර ගැනීමෙන් රුධිර නාළ අවහිර කරන හෝමෝනවල දැඩි බව ලිහිල් කරයි. මානසික ආතතියට පවා බලපෑම් කරන හෝමෝන සුසර කරවන ගුණ සැල්දිරිවල අඩංගු වෙයි. ආසියාතික මිනිසුන් සැල්දිරිවල ගුණ නිසි ලෙස දනී නම් සැල්දිරි භාවිතයට තව තවත් හුරුවන බව බටහිර වෛද්‍යවරුන් පවසයි. එතරම්ම මෙය මිනිස් සිරුරට ගුණදායකය.
 
දුඹුරු සහල්
තිරිඟු පිටි (පාන්පිටි) වලින් සාදන ආහාර සියල්ලටම වඩා දුඹුරු සහල් මඟින් සාදන බත් හෝ ඕනෑම අහරක් මඟින් රුධිර පීඩනය නිසි ලෙස සමනය කරවයි. විශේෂයෙන්ම දුඹුරු සහල්වල අඩංගු කැල්සියම් ස්නායු පද්ධතිය ලිහිල් කරමින් අධි රුධිර පීඩන තත්ත්වයන් මඟ හරවයි.
උපුටා ගැනීමක් 

 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top