මේ අගනුවර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ඇහෙන කතාවක්.
ඇත්තෙන්ම එහෙම දේවලුත් වෙනවද කියන එකත් පුදුමයක්.
මේ වෛද්‍යවරිය මූලික රෝහලක ශල්‍ය වෛද්‍ය අංශයේ සේවය කරන තරුණ වෛද්‍යවරියක්.
ඇය රෝහල් වෙලාවෙන් පසුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිත් රෝගීන් පරීක්ෂා කරලා පිටත් වෙන්න සූදානම් වෙමින් ඉඳලා තියෙනවා.
ඒ අතරේ මෝටර් රථයකින් බැහැපු මැදි වියේ කාන්තාවක් ඉතාම හදිස්සියෙන් වගේම අපහසුවෙන් කකුල් අදිමින් වෛද්‍යවරිය වෙත පැමිණ තිබෙනවා.
වෛද්‍යවරිය අත් බෑගයත් පැත්තකින් තියලා රෝගියාව පරීක්ෂා කරන්න සූදානම් වෙලා.
ඒත් කාන්තාව පුටුවෙන් වාඩි වෙන එක ප්‍රතික්ෂේප කරලා. ඒ විතරක් නෙමෙයි, ඇය රෝගී තත්වය ප්‍රකාශ කරන්නත් අදි මදි කරලා.
"කරුණාකරලා ඉක්මනට ඔයාගෙ ලෙඩේ කියන්න. මම බෙහෙත් දීලා පිටත් වෙන්න ඕන..." වෛද්‍යවරිය තරමක් සැරෙන් කතා කළාට පස්සෙ ඇය ඇඹරෙමින් උත්තර දීලා තියෙනවා.
සිද්ධ වෙලා තියෙන්නෙ අනාරක්ෂිත ලිංගික චර්යාවක් අතර තුරදි භාවිතා කරමින් හිටපු උපකරණයක් යෝනි මාර්ගයේ හිර වෙච්ච එක.
කොපමණ උත්සාහ කළත් එය එළියට ගන්න පුළුවන් වෙලා නෑ.
"හස්බන්ඩ් කාර් එකේ ඉන්නවා නේද... එයාට ඉක්මනට එන්න කියන්න..."
"හස්බන්ඩ් රට..."
"එතකොට කාර් එකේ ඉන්නෙ කවුද...?"
"ඒ එහා ගෙදර මල්ලි..."
වෛද්‍යවරිය ඔලුවෙ අත ගහගෙන කේන්තිය සමනය වෙනකල් ටික වෙලාවක් ඇයට දෙදරමින් ඉන්න ඉඩ හැරියා කියලා තමයි ආරංචි වුණේ.