Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
30
අකුණු ඇතිවන අවස්ථාවේ කවදාවත් මේ වගේ දේවල් කරන්න එපා... අකුණු සැර වැදී අයියා සහ නංගී ජීවිතක්ෂයට...

- අකුණු ඇතිවන අවස්ථාවේ කවදාවත් මේ වගේ දේවල් කරන්න එපා... අකුණු සැර වැදී අයියා සහ නංගී ජීවිතක්ෂයට...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි අයියාට සහ නංගීට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමග අකුණු සැර වැදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙකි.

මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ අකුණු සැර වැදීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම අකුණු පවතින අවස්ථාවේ විදුලි උපකරණ භාවිතා නොකිරීමෙන් හා ආරක්‍ෂිත ස්ථානයක රැඳී සිටීමෙන් අනතුරු අවම කරගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

 
ප්‍රශ්නය:- සාමාන්‍ය ජනතාව කොහොමද මේ අකුණු සැර හඳුනා ගන්නේ?
පිළිතුර:- අැත්තටම දැන් ඈතින් ගොරවන හඬ අැසෙනව නම් අපි දන්නවා ඒ වලාකුළු තිබෙන්නේ තරමක් ඈතින් කියලා. ගොඩාක් දුරට ළඟින් ළඟින් වගේ හඬ ඇසෙනව නම් අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. අන්න ඒ වෙලාවේදී අපි ඉතා පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් අපි නිරන්තරයෙන්ම සඳහන් කරන දෙයක් තමයි අපිට වැස්ස නැති වුණත් අපිට ගොරවන හඬ ළඟින් ඇසෙනවා නම් අපිට අකුණක් ඇති වෙන්න තිබෙන අවදානම ඉතා ඉහළයි. වැස්සක් ඇති වෙන්නම අවශ්‍ය නැහැ. වෙනත් ප්‍රදේශයකට වැස්ස ඇති වෙන්න පුළුවන්.

අකුණු වර්ග කිහිපයක් තිබෙනවා. අකුණු වලාකුළු ඇතුළේම අකුණු පවතිනවා. ඊළඟට වලාකුළෙන් පොළොවට පතිතවන අකුණු තිබෙනවා. අනික වලාකුළෙන් වලාකුළට අකුණු ඇති වෙනවා. එතකොට අපි විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීම සුදුසු නැහැ.

ප්‍රශ්නය:- මොනවද එවැනි ස්ථාන?
පිළිතුර:- විශේෂයෙන් කුඹුරු, ක්‍රීඩා පිටි, වැව්, ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වැනි තැන්වලට අකුණු පැවතීමේ ඉඩකඩ පවතිනවා. අපි එවැනි තැන්වල සිටගෙන සිටියහොත් අපි තමයි ඒ අකුණේ ප්‍රධාන ඉලක්කය. මොකද ඒ අකුණට අවශ්‍ය වෙන්නේ ඉක්මනින් භූගත වෙන්න. ඉතින් ඒ ස්ථානයේ උසම කෙනාගෙන් අකුණ භූගත වෙනවා. කෙටිම මාර්ගයෙන් තමයි භූගත වෙන්නේ. ඒක නිසා තමයි ජනතාව අකුණු සැරවලට ඉලක්ක වෙන්නේ.

ඊළඟට අපි ඉක්මනින් දිවයනවා වැසි පවතින විට ඉන් ආරක්‍ෂා වීමට ගසක් යටට. ඒක ඉතාමත් භයානකයි. මොකද ගස අපට වඩා උස නිසා අකුණ ගස තුළින් භූගත වෙන්න බලනවා. ඉතින් ඒ අසල සිටියොත් අපිට එහි බලපෑම ඇති වෙන්න පුළුවන්.

ප්‍රශ්නය:- අකුණක් ඇතිවෙන්නේ කොහොමද?
පිළිතුර:- සාමාන්‍යයෙන් වලාකුළු ඒ කියන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන කැටි සහිත වලාකුළු කිලෝමීටර් 12 ක් පමණ උසයි. මේ වලාකු​ළේ හැදෙනවා ඍන තිහක් හෝ හතළිහ වගේ ඉහළට. මේ වලාකුළු වර්ධනය වෙන උෂ්ණත්වය ගතහොත්, මෙහි තිබෙනවා අයිස් කැට. එතකොට මේ වලාකුළු අතර ඉහළ පහළ යන සුළං ධාරාවත් එක්ක මේ අයිස් කැටත් ඉහළ පහළ යනවා. එතකොට අයිස් කැට ගැටෙන කොට එහි අංශු ආරෝපණය වෙනවා. ඒකෙන් තමයි වලාකුළු ඇතුළේ ආරෝපණය සිදුවෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි හිස පීරන පනාවක් අරගෙන ඒක පිරිමැද්දහම ආරෝපනය වෙන්නේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ​. එතකොට ධන හා ඍන අ​ාරෝපණ විදිහට බෙදිලා විභූ අන්තරයක් ඇති වෙනවා වලාකුළු අත​ෙර්.

එතකොට මේ විභූ අන්තරය නිසා තමයි විදුලි ධාරාවක් ගමන් කරන්නේ. වලාකුළේ ධන හා ඍණ බෙදෙනවා වගේම පොළොව මට්ටමේත් ආරෝපණයක් ඇති වෙනවා. එතකොට පොළොව සහ වලාකුළු අත​ෙර්ත් විභූ අන්තරයක් ඇතිවෙනවා. එතකොට මේ විභූ අන්තරේ ඇතිවීම නිසා වලාකුළේ ඉඳලා පොළොවට වගේම වලාකුළේ සිට වලාකුළ ඇතුළේත් විභූ අන්තරයක් තිබෙනවා. එතනින් විදුලි ධාරාවක් ගමන් කරනවා. එතකොට වලාකුළෙන් වලාකුළ අතරත් ප්‍රතිවිරුද්ධ අන්තරයක් ගමන් කරනවා විදුලි ධාරාවක්. මෙන්න මේ ආකාරයට තමයි ආරෝපණයක් ඇති වෙලා විද්‍යුත් ධාරාවක් ඇතිවෙන්නේ.

අන්න ඒ විද්‍යුත් ධාරාවට තමයි අපි අකුණු කියලා හඳුන්වන්නේ. ඒ විද්‍යුත් ධාරාව ගමන් කරන කොට තමයි අපිට අකුණක් කියලා පෙනෙන්නේ.

ප්‍රශ්නය:- සාමාන්‍යයෙන් එහි ධාරිතාව කොපමණ වෙනවාද?
පිළිතුර:- සාමාන්‍යයෙන් ඇම්පියර් විසි දාහක් හෝ තිස්දාහක් අතර ධාරිතාවක් තිබෙනවා.

ප්‍රශ්නය:-​ හොඳම ආරක්‍ෂිත ස්ථානය කුමක්ද?
පිළිතුර:- සුදුසුම ආරක්‍ෂිත ස්ථානයක් තමයි වාහනයක් තුළ රැඳී සිටීම. ඒත් සෑම කෙනෙකුටම එහෙම නැති නිසා හොඳ ශක්තිමත් නිවෙසක් තුළ රැඳී සිටීම සුදුසුයි. දැන් ඔය තහඩු සෙවිල් කළ නිවාස, මඩු වැනි ස්ථානවල රැඳී සිටීම අවදානම්. අන්න ඒ වගේ සුදුසු තැනකට ඉක්මණින් පිටත් විය යුතුයි. ඒ වගේ තැනකට යන්නම අපහසුනම්, එළිමහනක රැඳී සිටිනවා නම් අපි කළ යුතු සුදුසුම දේ තමයි අපේ උස අඩු කරගන්න එක. ඒ කියන්නේ දණහිසෙන් නැමිලා පහත් වෙලා ඉන්න ඕනෑ. කොයි මොහොතකවත් වැතිරෙන්න සුදුසු නැහැ. උස අඩු කරගෙන පුළුවන් තරම් ඇඟේ වර්ගඵලය අඩුකරගෙන එරමිණියා ගොතාගෙන කියලා කියන්නේ අන්න ඒ ආකාරයෙන් සිටීම සුදුසුයි. යන්නම තැනක් නැතිනම් සුදුසු ක්‍රමය ඒකයි. ඒ කියන්නේ අකුණු සැර මදක් අඩු වෙනකම්.

ප්‍රශ්නය:- අකුණු සැර පවතින විටදි විදුලි උපකරණ භාවිතය නුසුදුසු කියන්නේ ඇයි?
පිළිතුර:- අනිවාර්යයෙන්ම. තදබල හෝ සුළු වශයෙන් අකුණු සැර පවතින අවස්ථාවක විදුලි උපකරණ භාවිතය කොහෙත්ම සුදුසු නැහැ. පුළුවන් තරම් ඒවා භාවිතයෙන් වැළකී සිටිය යුතුයි. ඒවා ප්‍රධාන විදුලි ධාරාවෙන් ඉවත් කොට ඒවායේ ක්‍රියාකාරීත්වය විසන්ධි කළ යුතුයි.

විශේෂයෙන් විදුලි උපකරණ වගේම රැහැන් දුරකථනවලින් අකුණු පතිතවී​ෙම් අවදානම වැඩියි. දැන් අපි නිවෙසක ඇති මනු (ප්ලග්) වලින් ඒ උපකරණ විසන්ධි කළ යුතුයි. ඒවා ක්‍රියාකාරීත්වය ​ෙනාමැති වුවත් වෙනත් තැනකින් ඇතුළුවන විදුලි ධාරාව ඒ තුළින් ඇතුළු වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම ජංගම දුරකථනවලට වඩා රැහැන් සහිත දුරකථන ඔස්සේ දරාගත නොහැකි විදුලි ධාරාවක් පැමිණෙන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනි ඇන්ටනා මගින් විදුලි ධාරා ඇතුළු වෙන්න පුළුවන්. දැන් ජංගම දුරකථනයක තිබෙන්නේ විද්‍යුත් චුම්භකයක්නේ. රැහැන් දුරකථන ඔස්සේ ඒ රැහැන හරහා විදුලිය එහෙමත් නැතිනම් අකුණු සැර නිවෙස තුළට පතිත වෙලා නිවෙසේ විදුලි උපකරණවලට වගේම ජීවිතවලටද හානි සිද්ධවෙන්න පුළුවන්.

අකුණු සැර විශාල කාල පරාසයක් තුළ පතිත වෙන්නේ නැහැ. පැය භාගයක් හෝ විනාඩි හතළිස් පහක් වැනි කාලයක් තුළදී ඒ දේවල් මඟ හැරලා ඇඳක හරි පුටුවක හරි කකුල් බිම නොගෑවෙන පරිදි තබාගෙන සිටීම ඉතාමත් සුදුසුයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top