ඉදිරියේදී රටේ සෑම දරුවෙකුටම තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනකට එක්වෙමින්.
අටවන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘතිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙන අතර එළඹෙන මාර්තු 19 වැනි දින එහි නියමු ව්‍යාපෘතිය පාසල් විස්සක් යොදා ගනිමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවද එළඹෙන වසරේදී එය දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට 1-5 ශ්‍රේණි දක්වා වූ ප්‍රාථමික අධ්‍යාපන අවධියෙහි දරුවන්ට පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙමාපියන් විසින් අතිරේක ඉගැන්වීම් කරවමින් ලබා දෙන පීඩනය නතර කළ යුතු බව ද ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නමුත් එහි තරගකාරිත්වය අඩු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවද සිසුන් ඇගයීම සඳහා පන්ති කාමරයෙන් පරිබාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් දක්වන කුසලතා හඳුනා ගනිමින් එම සුහුරු කුසලතා වෙනුවෙන් ඇගයීම් ලබාදීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බවත් ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයිමකට ලක් කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී ඔහු සඳහන් කර සිටියා.