මේ සමාජයේ අපිට අහන්න දකින්න ලැබෙන කතා හරි පුදුමාකාරයි.
කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ වයස අවුරුදු 02 ක් වයසැති කුඩා පිරිමි දරුවෙකු අතහැර දමා යාමට පැමිණි මවක් කුරුණෑගල පොලිසීයට භාර දීමට එහි සිටි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ නිලධාරීන් කටයුතු කළා.
වැල්ලව - මකුල්වැව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අදාළ මව මෙම දරුවාද සමඟ ඊයේ (01) පස්වරුවේ ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ තිබුණා.
එහිදී පැය කිහිපයක් එහි රැදී සිටීම හේතුවෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ නිලධාරීන් ඒ පිළිබද විමසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ තම සැමියා සමග ජීවත් වීමට නොහැකි බැවින් දරුවා හදා වඩා ගැනීමට කැමති අයෙකුට ලබා දීමට එහි පැමිණි බවයි.
කෙසේ වෙතත් අද දිනයේ දරුවා සමග ඇය නැවත පැමිණ ඇති අතර එහිදී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ නිලධාරීන් මව සහ දරුවා එම ස්ථානයේ පිහිටි පොලිසිය මුරපොළ වෙත භාර දීමටයි කටයුතු කර තිබුණේ.
අනතුරුව කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීනියන් ඔවුන්ව පොලිසිය වෙත රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගෙන මවගේ ඥාති නිවසකට ඔවුන් පිටත් කර යවා තිබුණා.