ඔබට මේ මොහොතේ නැති වාසනාවක් ඊළඟ මොහොතේ ලැබෙන්න පුළුවන්.
ඒ වගේම තමයි ඒ මොහොතෙන් පසුව නැවතත් වාසනාව උදා වෙන්න පුළුවන්.
ඒ නිසා වාසනාව කියන දේ අපි විශ්වාස කරන්න ඕනි.
මේ කියන්න යන්නේ එක්සත් ජනපද යේ අපූරූ මිනිසකු ගැන.
ඔහු මාස 6කින් පසුව දෙවැනි වරටත් ඇමෙරිකානු ඩොලර් ඩොලර් 110,000ක මුදලක් දිනාගෙන තිබෙනවා.
ඒ ජැක්පොට් ලොතරැයියක් මගිනුයි.
මීට මාස 5කට පෙරත් ඔහු එම ලොතරැයි දිනුමකින්ම අමෙරිකානු ඩොලර් 110,000 ක මුදලක් දිනාගෙන තිබෙනවා.
මාධ්‍ය හමුවේ ඔහු මෙම ජයග්‍රහනය ගැන ප්‍රකාශ කර තිබෙන්නේ පෙර දිනුම් ඇඳීමෙන් ඔහු ණය සියල්ලක්ම ගෙවා දමා නිදහස් වුණ බවත් මෙම දිනුම් ඇදීමෙන් හිමිවුණ මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න තවමත් සිතා නොමැති බවටයි.
කෙසේ නමුත් 59 හැවිරිදි ඔහු මෙම ජයග්‍රහනයෙන් හිමිවන මුදල් බැංකුවක තැන්පත් කරන බවටයි දැනට තීරණය කර තිබෙන්නේ.