ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ඉලක්කට්ටුව ප්‍රදේශයේ පදිංචි මවක් පොලිසියට පැමිණිල්ලක් කරමින් වයස අවුරුදු 15 ක් වූ තම දියණියව ත්‍රිරෝද රථ රියැදුරකු ත්‍රිරෝද රථයෙන් මයියාව වැව් බැම්ම අසලට ගෙන ගොස් සිපවැළඳ ගෙන ඇති බව කියා තිබෙනවා.
ඒ අනුව පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
තම මව ගමන් බිමන් යෑමට නිතර මෙම ත්‍රිරෝද රථය ගෙන්වා ගන්නා බවත් 2023 වසරේ දෙසැම්බර් මස සිට ත්‍රිරෝද රථයේ රියැදුරු සමග තමා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
මෙයට මාසයකට පමණ පෙරද නිවසට පැමිණ ඔහු තමා හමුවූ බවද තමා 20 වැනිදා ආනවිළුන්දාව නගරයට ගිය අවස්ථාවේ පෙම්වතා තමා දැක ත්‍රිරෝද රථයෙන් මයියාව වැව් බැම්ම ළඟට කැඳවාගෙන ගොස් ත්‍රිරෝද රථය නවතා තමා ළඟට පැමිණ තම මුහුණ සිප තුරුලූ කරගෙන සිට ඔහු විදේශ ගත වන බව පැවසූ බවත් මේ නිසා නිවසට පැමිණ මේ බව මවට කී බවත් ඔහුගෙන් වෙනත් කරදරයක් තමාට සිදුනොවූ බවත් සඳහන් කර තිබෙනවා.