ඒ සිද්ධිය තවමත් ඔවුන්ට හීනයක් වගේ.. ඔවුන් විමතියට පත් වෙලා..
කාලයක් තිස්සේ සතුටෙන් හිටිය කුරුළු කැදැල්ලක සතුට නැති වෙන්න ගිහින් තියෙන්නේ එක විනාඩියයි..
දැන් ඒ ගැන ඇහෙන කතා මොනවා වුණත් අවසානයට පුතෙකුගේ, සැමියෙකුගේ, පියෙකුගේ හිස්තැන ඔවුන්ගේ ජීවිතවලට සදාකාලිකයි..
මුණුබුරාව 1 වසරට ඇතුළත් කිරීම සඳහා සූදානම් වී මුණුබුරාගෙ පින්තූර කිහිපයක් අරගෙන මියගිය පුතා ගෙට ආවා.. මුණුබුරා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා... එවිට කවුදෝ කෙනෙක් ගෙදර කවුදෝ කියල කතා කරා.. ඒ එක්කම මියගිය පුතා ගේ ඇතුලේ ඉඳලා එළියට එනවිටම එක් වරම පුතාගේ මූණට වෙඩි තිබ්බා... පුතා ගේ ඇතුළට දිව්වා.. වෙඩි තියපු අය තවත් වෙඩි 2/3 ක් පුතාගේ පිටට තියලා යන්න ගියා ”යැයි, ඇල්පිටිය පොලිස් වසමේ, කුරුදුගහ, දිවිතුර පාර ලිපිනයේ පදිංචි ව සිටි දීපාල් රොෂාන් කුමාර විතානච්චි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආරියරත්න මහතා ඉදිරියේ ඇල්පිටිය මූලික රෝහලේ දී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මරණකරුගේ මව සාක්ෂි ලබා දී තිබුණා..
පොලිසිය තවමත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර, එහිදී වැඩිදුරටත් ඇය පොලීසියට පවසා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..
"මාගේ පුතා රාජකාරිය අකුරටම ඉටුකළ නිලධාරියෙක්. එයා කාටවත් යටත් නොවී එඩිතරව නොබියව රාජකාරී කළා. පුතා කරන රාජකාරීය පිළිබඳ කවදාවත්ම ගෙදර අය සමග කතා කරන්නෙ නෑ. සිද්ධිය වූ 26 වෙනිදා ලේලි එයා උගන්වන පාසලට යන්න උදේ 6.40 බස් එකෙ ගියා. මියගිය පුතා වැඩිමහල් පුතත්, දෙවැනි දුවත් කොළඹ පාසල්වලට යන්න බස් එකට ඇරලවා ඇවිත් බාල පුතා තෙරේසා කණිටු විදුහලට 1 වසරට බාර දෙන්න යාම සඳහා සූදානම් වන විටයි මේ සිද්ධිය වුණේ. වෙඩි තියපු කෙනා අවුරුදු 25/30 ත් අතර වයසේ පසුවන කලු කෙට්ටු කෙනෙක්. එයා පුතාට වෙඩි තියලා මගෙත් මුණුබුරාගෙත් මුහුණ දිහා බලල මිදුලට බැස්සා. ගේ ඉදිරිපිට පාරේ බයික් එකක තවත් එක්කෙනෙක් හිටියා. එයා සමග බයික් එකේ කුරුඳුගහ පැත්තට ගියා."
කොහොම වුණත් ඒ වෙඩි පහරින් ඔහු සදහටම දෙනෙත් පියා ගත්තා.. සිද්ධිය වූ අවස්තාවේදී ඔවුන්ගේ නිවසට විශාල පිරිසක් එක්වුණත්, මේ හිත හොඳ නිලධාරියාගේ ජීවිතය බේරගන්න ඒ හැමෝටම බැරි වෙලා..

දිවයින ඇසුරෙන්..