ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ රටේ නිල සංචිත වත්කම් ජනවාරි මාසයේදී සියයට 2.3 කින් ඉහළ ගොස් ඇති අතර එය දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 4,392 සිට ඩොලර් මිලියන 4,491 දක්වා ඉහළ ගොස් ඇති බවයි...
මෙම සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසි පවතින බව ද මහ බැංකුව කියාසිටීයා...