පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් බදුල්ල දිස්ත්‍රික්කයට අමතරව තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා දෙවන අදියරයේ නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
මීට පෙර බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බදුරලිය, මතුගම, හොරණ සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද එම අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගේ කෝරළේ, යටිනුවර, උඩපළාත, පහතහේවාහැට, පන්විල, ගඟ ඉහළ කෝරළේ, ගඟවට කෝරළේ සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද දෙවන අදියරයේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද දෙවන අදියරයේ නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
අද අලුයම සිට හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් රථවාහන ගමනා ගමනයේදී විමසිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.