දුර දිග බලන්නේ නැතුව තරුණයෙන් කළ ඒ වගේ වැඩක් ගැනයි මේ කියන්න යන්නේ.. ශරීරය වර්ධනය කරගැනීමට සින්ක් ලබාගත් හැකි වේ යැයි සිතා තරුණයෙකු කාලයක් තිස්සේ කාසි සහ චුම්භක ආහාරයට ගෙන තිබෙනවා..
දින 20 කට වැඩි කාලයක් වමනය සහ උදර වේදනාවෙන් පෙළෙමින් සිටි මෙම රෝගියා ප්‍රතිකාර සඳහා ශ්‍රීමත් ගංගා රාම් රෝහලට ඇතුළත්ව තිබුණා..
එහිදී කළ xray පරීක්ෂණයකින් තහවුරු කරගෙන තිබුණේ, කාසි සහ චුම්බක වල හැඩය සහිත දත්තයන් ඔහුගේ උදරයෙ තිබූ බවයි.. පසුව 26 හැවිරිදි මෙම රෝගියාට සිදු කළ ශල්‍ය කර්මයකින් කාසි 39 ක් සහ චුම්බක 37 ක් පිටතට ගෙන තිබෙනවා...
කෙසේ වෙතත්, උදරයේ සිදු කළ CT ස්කෑන් පරීක්ෂණයකින් පෙන්නුම් කළේ විශාල කාසි සහ චුම්බන තොගයක් බඩවැලේ අවහිර වී ඇති බවත් ඒවා නිසා මෙම රෝගියාට වමනය හා ආහාර ලබාගැනීමේ අපහසුතාත් මතුවූ බවයි..
මේ බව තහවුරු වූ වහාම අදාල රෝගියා සැත්කම සඳහා සූදානම් කර ඇති අතර, එහිදී ඔහුගේ බඩවැල් විවෘත කර කාසි සහ චුම්බක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ..