අදාල පරීක්ෂණ කට්ටලය මේ වනවිට චීනයේද භාවිතයට ගන්නා බවටයි වාර්තා වන්නේ.
අදාළ පරීක්ෂණය ලේ සාම්පලයක් ලබාගැනීමෙන් අනතුරුව සිදු කරනු ලබනවා.
ලේ සාම්පලයක් රැගෙන මේ පරීක්ෂාවට යොමු කිරීමෙන් අනතුරුව තත්පර 5ක වගේ සුළු කාලයකින් මෙහි ප්‍රතිපල ලබාදෙන බවයි මෙය නිෂ්පාදනය කර ඇති නෙදර්ලන්තය පවසන්නේ.
කෙසේ නමුත් මේ නව භාණ්ඩය මගින් බොහෝ වෙලාවක් කොරෝනා වෛරසය තිබේදැයි සොයාබලන පරීක්ෂණයට වඩා වැඩි කාල වෙලාවක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු බවද එහි නිෂ්පාදනය ආයතනයේ ප්‍රකාශකයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්ත සදහන් කළා.
අදාල පරීක්ෂණ කට්ටලයට විද්වත් කමිටුවේ සහතිකය ලබගනිමට මේ වනවිට ඉදිරිපත් කර ඇති බව ද සදහන්.
මෙය සෑම රෝහලක්ම සදහා මෙන්ම නිවසේ සිටම කොරෝනා ආසාදනය වී ඇත්දැයි සොයා ගැනීමට හැකියාවක් තිබෙනවා.