ග්‍රෑන්ඞ්පාස්, 75 වත්ත ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කිරීමේ නිරත වූ පුද්ගලයකු මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන රැගෙන යෑමට උත්සාහ ගත් වරාය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට එම සැකකරුගේ අනියම් බිරිය බව කියන කාන්තාවක සිය ඇඳුම් ගලවා නිරුවතින් කලහාකාරී ලෙස හැසිරෙමින් අසුචි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙහිදී වැටලීමට ගිය එම පොලිස් නිලධාරීන් 6 දෙනාම අසුචිවලින් නැහැවී ඇතැයි වරාය පොලිසියේ උසස් නිලධාරියෙක් සදහන් කර සිටිනවා.
මෙම සිද්ධිය වී ඇති දින අදාළ පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් සැකකරුවකු මත්කුඩු මිලිග්‍රෑම් 1030ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී එම ස්ථානයට පැමිණි සැකකාරිය සිය ඇඳුම් ගලවා නිරුවතින් කලහාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබෙන බවයි සදහන් වන්නේ.ඒ සමගම සැකකාරිය අසුචි රැගෙන පොලිස් නිලධාරීන්ට එල්ල කර ඇතැයි සඳහන්.
මෙහිදී එක් නිලධාරියකු සැකකාරියගේ කෙස් වැටියෙන් අල්ලා එය වැළැක්වීමට උත්සාහ දැරූව ද එය අසාර්ථක වී තිබෙනවා එහිදී ඇය කලහාකාරී අන්දමින් පොලිසියට බාධා කරමින් පලා ගොස් සදහන්.
මෙම ප්‍රදේශයේ වෙනත් පොලිසි පවා වැටලීමට ගිය අවස්ථාවලදී එම විවිධ ජාවාරම්කරුවන්ගෙන් බාධා එල්ල වන බවද වාර්තා වෙයි.
පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරය එල්ල කළ 40 හැවිරිදි කාන්තාව මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වූ තැනැත්තියක බව ද හෙළි විණැයි ද එම නිලධාරියා සඳහන් කරයි.
අසුචි ප්‍රහාරය එල්ල කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඞ්පාස් පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.