පසුගිය වසරට සාපේක්ෂව ගෙවීගිය මාස 6 තුළ අවුරුදු 15 ත් 25 ත් අතර ඒඩ්ස් ආසාදිතයින් 15 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඞ්ස් රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරවලදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒඞ්ස් ආසාදිතයන් වැඩිවීමක් දක්නට ලැබුණ ද ඊට සාපේක්ෂව වැඩිවීමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙය වැළැක්වීමට නම් පාසල් මට්ටමින් ලිංගික අධ්‍යාපනය, සහ ඒඩ්ස් රෝගය පිළිබඳව අධ්‍යාපනයක් ලබාදිය යුතු බවයි.
මීට පෙර වතාවකත් 10 වසරේ සිට ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමට කටයුතු කරන්නැයි ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුනා.
එයට කරුණු දක්වමින් ඔවුන් පවසා සිටියේ ඉහළ පන්තිවල සිසුන්ට ඒඩ්ස් රෝග තත්ත්වය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් ලබාදීම මඟින් ලිංගික සම්බන්ධතා, ගැබ් ගැනීම් හා සමාජ රෝග වළක්වා ගැනීම පිළිබඳව යථාවබෝධයක් ලබාගත හැකිබවයි.