දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් දුරකථන ඇමතුමක යෙදී සිටි තරුණයෙකු දුම්රියෙන් වැටී මියගොස් ඇති පුවතක් වාර්තා වී තිබෙනවා.
මෙම තරුණයා පෙරේදා 17 දහවල් මීරිගම ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී ඇති බවයි පල්ලෙවෙල පොලිසිය පවසා ඇත්තේ.
කොළඹ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වූ ශීඝ්‍රගාමි දුම්රියෙන් වැටී මෙම තරුණයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
යාපහුව කෝන්වෑගම ප්‍රදේශයේ පදිංචි එච්.එම්. කසුන් ලක්මාල් හේරත් වන මොහු 17 හැවිරිදි තරුණයෙකි.
මොහු තරුණයන් දෙදෙනෙකු සමග යක්කල ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කරන ස්ථානයක පෙදරේරු වැඩට අත් උදව් දෙමින් සිට පෙරේදා 17 උදේ නිවෙස් බලා යමින් සිටියදී මෙම දුම්රිය අනතුරට මුහුණ පා ඇත්තේ.
මෙම පිරිස රාගම දුම්රිය ස්ථානයෙන් මහව බලා යාමට ශීඝ්‍රගාමී දුම්රියට නැඟ ඇති අතර මිතුරන් දෙදෙනා වාඩිවි ගමන් කරද්දී මොහුට ආ දුරකථන ඇමතුමකට පිළිතුරු දීම සදහා පාපුවරුවට ගිය බවත් ඔහු වැටෙන දුටු පිරිසක් කෑගසා ඇති අතර දුම්රියේ හදිසි දම්වැල ඇද දුම්රිය නවතා බලද්දී ඔහු වැටී ඇති බවයි වාර්තා වුණේ.
තරුණයා දුම්රිය පීල්ලට හසු වී ගෙල කදින් වෙන් වී තිබූ බවයි දැක වූවන් පවසා ඇත්තේ.