‘‘රේස් දාලා තමන්ගේ සකලමනාවම නැතිවෙලා.
අඹුදරුවන් පවා නැතිවෙලා. තමන්ට තමන් පවා නැතිවෙන විනාශයක් තමයි සූදුවෙන් වෙන්නේ.‘‘
නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි
මෙරටට පිලිලයක් වී ඇති රේස් ඔට්ටු ඇල්ලීමේ සූදු පොළවල් සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ මහා සංඝ රත්නය සහ සිවිල් සංවිධාන තම අප්‍රසාදය පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ යහපාලනයක් සදහා රට යන ගමනේදී රේස් ඔට්ටු ඇල්ලීමේ සූදුව දැඩි බාධාවක් බවයි.
කැකිරාව, පලාගල වැඩිහිටි බල මණ්ඩලය ඊයේ (02) ඇළහැර වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජිකයන් පිළිගැනීම සදහා විශේෂ රැස්වීමක් සංවිධාන කර තිබුණා. ඒ, ගල්කිරියාගම සංස්කෘතික මධ්‍යස්ථානයේදියි.