Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
01
නාමල්ගේ ලිපියකට සරසවියට සිසුවියක් දැම්මා කියන කතාව ගැන ක්ෂණිකා හිරිඹුරේගම කතාකරයි

- නාමල්ගේ ලිපියකට සරසවියට සිසුවියක් දැම්මා කියන කතාව ගැන ක්ෂණිකා හිරිඹුරේගම කතාකරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

පසුගියදා එල්ල වූ දැඩි විරෝධතා හමුවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනී ක්ෂණිකා හිරිඹුරේගම සිය ධුරයෙන් ඉල්ලා අස්වුනා. එලෙස විරෝධතා එල්ල වීමට හේතුවූ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට ඇය සතිඅන්ත පුවත්පතකට අදහස් පළකර තිබෙනවා.

නාමල් රාජපක්ෂගේ නමින් යොමු වූ සටහනක් හා අයදුම්පතක් මත සිසුවියකට සරසවි වරම් හිමිකරදීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඇය පිළිබඳව විවිධ විවේචන එල්ලවන්නට වුනා.



ඒ සම්බන්ධයෙන් ඇය පුවත්පතට අදහස් දක්වා ඇත්තේ පහත පරිදියි.

‘‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට විවිධ අයගෙන් අභියාචනා විශාල ප්‍රමාණයක්‌ ලැබෙනවා. ඔය කියන අභියාචනයත් සමඟ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමාගෙ ලේකම්වරයෙකුත් ලිපියකුත් අමුනල තිබුණා. එය එවල තිබුණෙ හිටපු ඇමැතිතුමාටයි. හිටපු ඇමැතිතුමාත් එහි සටහනක්‌ තබල එය ප්‍රවේශ අංශයට යොමු කරල තිබුණා. එහි කිසිදු විශේෂත්වයක්‌ නෑ. මැති ඇමැතිවරුගෙ සටහන් සහිත ලිපි සමඟ එවැනි අභියාචනා ඕන තරම් එනවා. පසුගිය රජය යටතෙත් ආවා. මේ රජය යටතේත් එනවා. දැනුත් එනවා. ප්‍රවේශ අංශයට එන ඒ අභියාචනා ඉටු කළ හැකි ඒවා දැයි සොයා බලා ඉටුකළ හැකි ඒවා කොමිසමට දෙනවා. අභියාචනා හරහා කරන ඉල්ලීම්වලට ඉඩදීම මගේ තනි තීරණයක්‌ නෙමෙයි. කොමිසම අනුමත කරන්න ඕන.

කාගෙ ලිපියක්‌ සමඟ එව්වත් නැතත් ලබාදිය හැකි දෙයක්‌ තිබෙනවා නම් කොමිසම එය ලබා දෙනවා. රාජපක්‍ෂ නමක්‌ මේ අභියාචනයට ගෑවිලා තියෙන හින්ද දැන් කාලෙක ඉඳන් මේක කිය කියා මට මඩ ගහනවා. නමුත් නාමල් මන්ත්‍රීතුමාටත් වඩා බලගතු අය කරන්න බැරි දේවල් මට එවපු අවස්‌ථාවලදී මම ඒව ප්‍රතික්‍ෂේප කරල ලිපි යවල තියෙනවා. ඒ කරන්න බැරි දේවල් මම ප්‍රතික්‍ෂේප කළේ මේ තනතුරෙන් යන්න වුණත් බලාගෙන. මගෙන් කර තිබුණු ඒ ඉල්ලීම් වගේම මම ඒවට දුන් පිළිතුරු මම මාධ්‍යයට කියන්න ගියේ නෑ. මහජන ඡන්දයෙන් පත්වෙන පුද්ගලයෙකුට ඡන්දදායකයො යම් යම් ඉල්ලීම් කළහම ඒ අයට අපට ලියල එවනවා මේ ඉල්ලීම හැකිනම් ඉටු කරන්න කියලා. ඒක තමුන්ගේ ඡන්දදායකයා සතුටු කරන්න කරන වැඩක්‌. කිසිවෙකුගේ ලිපියක්‌ නැතත් ඉල්ලීම නීත්‍යනුකූල නම් අපි එය ඉටු කරනවා. කාගෙ ලිපියක්‌ සමඟ එව්වත් නීත්‍යනුකූල නොවන ඉල්ලීමක්‌ මම ඉටුකරල නෑ.

මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ස්‌වාධීනත්වය නැතිකළා කියල කවුරු හරි චෝදනා කරනව නම් ඔහු එයට හේතු ඉදිරිපත් කරන්න ඕන. මම සභාපති වුණාට පස්‌සේ කමිටුවලට පත් කළ අයගේ දේශපාලන පක්‍ෂය සැලකුවේ නෑ. ඒ වගේම කවුරු හෝ වැරදි වැඩක්‌ කළා නම් පක්‍ෂ පාට නොබලා ඔහුට හෝ ඇයට විරුද්ධව පියවර ගත්තා. මම වැරදි වැඩ කළේ නෑ. කාටවත් වැරදි වැඩ කරන්න ඉඩ දුන්නෙත් නෑ. මගේ ඒ ප්‍රතිපත්තිය නොරිස්‌සූ සමහරුයි මේ චෝදනා කරන්නේ. මම මේ ආයතනයේ ස්‌වාධීනත්වය නැති කළා කියන්නෙ වැරදි වැඩ කරන්නට ඉඩ නොදීම ද?. මම රජයේ නිලධාරිනියක්‌. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගේ වගකීමක්‌‘‘
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top