වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇය දූෂණය කළ බව කියන 19 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව දංකෙටුව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම - මඩගල්ල පදිංචිකරුවෙකුවය.
පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දකොටුව - කටුකෙන්ද පදිංචිව සිටින පාසල් සිසුවියකි. සැකකරු පැහැර ගැනීමට ලක්වූ දැරිවිය සමග සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇත.
එම සම්න්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 13 වැනිදා සැකකරු දැරිවියව ඇයගේ දෙමව්පියන්ට හොර රහසේ රැගෙන පලා ගොස් ඇත.
සැකකාර පෙම්වතාගේ නිවසට තමන්ව කැදවාගෙන පැමිණි පසුව ඔහු තමා සමග අඹු - සැමි ඇසුරක් පැවැත්ව බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.
දැරිවිය සැකකරුද සමග පසුගිය 28 වැනිදා දංකොටුවේ පිහිටි ඇයගේ නිවසට පැමිණ ඇත.එම අවස්ථාවේදී දැරිවියගේ මව විසින් මේ බව පොලීසියට දන්වා ඇත.ඒ අනුව බාල වයස්කාර දැරිවියක් මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන යාම සහ ඇය දුෂණය කිරීමේ වරදට සැකකරුව අත්අඩංගුවට ගත් බවපොලීසිය කියයි.
සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. දංකොටුව පොලීසිය වැඩදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.